සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 13 : මැදපෙරදිග පවතින ගැටුම් තවදුරටත් උත්සන්න වීම වැළැක්වීම සඳහා සංයමයෙන් කටයුතු කරන ලෙස BRICS රටවල් ඉල්ලීමක් කර තිබේ.
ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදිගේ සත්කාරකත්වයෙන් මෙවර 2026 BRICS සමුළුව සැප්තැම්බර් 12–13 දිනවල දී නවදිල්ලියේ පැවැත්වෙන අතර චිනය, ඉන්දියාව, රුසියාව, බ්රසීලය, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්යය යන සාමාජික රටවල් මෙවර BRICS සමුළුවට සම්බන්ධ විය.
නවදිල්ලියේ පැවති BRICS සමුළුවේදී නිකුත් කළ ඒකාබද්ධ ප්රකාශයෙන් මැදපෙරදිග ප්රචණ්ඩත්වය ඉහළ යාම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කර ඇති අතර, ගැටුම් තවදුරටත් ව්යාප්ත වීම වැළැක්වීම සඳහා උපරිම සංයමයෙන් කටයුතු කරන ලෙස අවධාරණය කර ඇත.
එමෙන්ම, ලෝක වෙළඳාම සහ සැපයුම් දාමයන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ වැදගත්කමද BRICS නායකයන් අවධාරණය කර තිබේ. මැදපෙරදිග ගැටුම් හේතුවෙන් බලශක්ති සැපයුම ඇතුළු ගෝලීය වෙළඳ ක්රියාකාරකම්වලට ඇති විය හැකි බලපෑම් පිළිබඳවද එහිදී අවධානය යොමු කර ඇත.
තවද, ඊශ්රායලය විසින් පලස්තීනුවන් බලහත්කාරයෙන් අවතැන් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය BRICS රටවල් ඒකාබද්ධ ප්රකාශයෙන් පළ කර තිබේ. ගැටුම් විසඳීම සඳහා සංවාදය, රාජ්ය තාන්ත්රික ක්රියාමාර්ග සහ බහුපාර්ශ්වික සහයෝගීතාව අවශ්ය බවද එම ප්රකාශයෙන් අවධාරණය කර ඇත.

