රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, කොළඹ LNW :
පහළ කඩුගන්නාව ප්රදේශයේ කොළඹ – මහනුවර ප්රධාන මාර්ගයේ කිලෝමීටර් 96 සහ 99 අතර කොටස නායයෑම් අවදානම ඉහළ කලාපයක් ලෙස හඳුනාගෙන ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සකස් කරන ලද නායයෑම් අවදානම් කලාප සිතියම් මෙන්ම, එම ප්රදේශයේ මීට පෙර සිදුවූ නායයෑම් සහ ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ නායයෑම් ද පදනම් කරගෙන මෙම හඳුනාගැනීම සිදු කර තිබේ.
අදාළ ප්රදේශවල පවතින නායයෑම් අවදානම අවම කිරීමේ ව්යාපෘතියක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
මෙම ව්යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 101.3 ක මුදලක් වෙන් කර ඇත.
මෙයට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් (AIIB) ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 80 ක විදේශීය ණය ආධාර සහ ශ්රී ලංකා රජය විසින් දරනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 21.3 ක මුදල ඇතුළත් වේ.
මෙම ව්යාපෘතිය ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට අවසන් කිරීමට නියමිතය.


