රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, කොළඹ LNW :
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා, තායිලන්තයේ කම්කරු අමාත්යවරයාගේ ආරාධනයක් මත 2026 සැප්තැම්බර් 14 සිට 16 දක්වා තායිලන්තයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම සංචාරය අතරතුර හේරත් අමාත්යවරයා තායිලන්තයේ කම්කරු අමාත්යවරයා, සංචාරක අමාත්යවරයා සහ විදේශ කටයුතු පිළිබඳ වැඩබලන අමාත්යවරයා සමඟ සාකච්ඡා පවත්වනු ඇත. එහිදී දෙපාර්ශවයටම වැදගත් වන ක්ෂේත්රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත.
කම්කරු සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් (MoU) සහ තායිලන්තයේ ශ්රී ලාංකික ශ්රමිකයන් සේවයේ යෙදවීම පිළිබඳ එකඟතා ගිවිසුමක් (MoA) අත්සන් කිරීම මගින් කම්කරු ක්ෂේත්රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශවයම කටයුතු කරනු ඇති බව එම නිවේදනයේ සඳහන් විය.
සංචාරක හා රැකියා, සංක්රමණ සහ ශ්රමිකයන්ගේ සංචලනය යන ක්ෂේත්රවල ප්රායෝගික සහයෝගීතාව වර්ධනය කිරීමටත්, ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමටත්, ශ්රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීමටත් මෙම සංචාරය අවස්ථාවක් වනු ඇති බව අමාත්යාංශය තහවුරු කළේය.


