ක්‍රීඩාව ගොඩගන්න රොෂාන් හිටපු ක්‍රීඩා ඇමතිවරු කැඳවලා – නාමල් විතරක් ඇවිත් නෑ !

Date:

ක්‍රීඩා ක්ෂේත්‍රය උන්නතිය සඳහා හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා වත්මන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් කැඳවා තිබිණි.

මෙම සාකච්ඡාව සඳහා මහින්දානන්ද අලුත්ගමගේ, ගාමිණී ලොකුගේ, ලක්ෂ්මන් කිරිඇල්ල, ජීවන් කුමාරණතුංග, දයාසිරි ජයසේකර, නවීන් දිසානායක, ෆයිසර් මුස්තාපා, හරීන් ප්‍රනාන්දු යන හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුණ රණතුංග මහතා සහභාගි වී තිබේ.

විශේෂත්වය වන්නේ ගෝඨාභය රාජපක්ෂ රජයේ ක්‍රීඩා අමාත්‍යවරයා වූ නාමල් රාජපක්ෂ මහතා සාකච්ඡාවට සහභාගි නොවීමයි.

ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ජාතික දැල්පන්දු කණ්ඩායම ආසියානු ශූරතා දිනා ගත්තේ නාමල් රාජපක්ෂ මහතා විසින් ක්‍රීඩාවට සිදුකළ අනුපමේය සේවය නිසා බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසා තිබිණි.

කෙසේ නමුත් නාමල් රාජපක්ෂ මහතා අද සාකච්ඡාවට සහභාගි නොවූ බැවින් නව ක්‍රීඩා අමාත්‍යවරයාට හිටපු ක්‍රීඩා ඇමතිගෙන් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අගනා වටිනා උපදෙස් මාලාවක් ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...