රැල්ලට ගියපු අයට දැන් වුණත් මේ පැත්තට එන්න පුළුවන් – මහින්ද රාජපක්ෂ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2015 දී හොරු ඇල්ලීමට කියමින් පැමිණි පිරිස රට නැත්තටම නැති කළ බවත් දැන් ඔවුන් නැවත වතාවක් හොරු ඇල්ලීමටය කියමින් පැමිණ සිටින අතර ඔවුන්ව අත්හදා බැලීමට නොයන ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“එදා කුමන්ත්‍රණ කරලා අපෙන් බලය උදුරාගත්තා. බොරු කියලා අපට බොරු ලේබල් ඇලෙව්වා. අපි පටන් ගත්තු ව්‍යාපෘති නැවැත්තුවා. මට මතකයි අම්පාරෙ ඉඳන් බිබිලට එන මාර්ගයේ ඉතිරි කිලෝමීටර් 17 හදන්න අපට වෙලාව මදිවුණා. අදටත් ඒ පාර හදලා නැද්ද ? අදටත් හදලා නෑ. රට බෙදන වුවමනාව තියෙන්නෙ කුමන්ත්‍රණකරුවන්ට. ඒ කුමන්ත්‍රණකරුවන්ට අපි පැහැදිලිවම කියනවා, මේ රට ආයෙමත් භීෂණයකට තල්ලු කරන්න, යුද්ධයකට තල්ලු කරන්න අපි ඉඩ තියන්නෙ නෑ. එක පාරක් හොරු අල්ලන්න කියලා ඇවිත් 2015 රට නැත්තටම නැති කරා. දැන් ආයෙමත් එනවා. මේ අය එන්නෙ හොරු අල්ලන්න ලු. අරූ හොරා, මූ හොරා කියාගෙන. ගහමු, මරමු,, ගිනිතියමු කියාගෙන. ඊට වඩා දෙයක් එයාලාට නෑ. ඒ නිසා ඔබ තමුන්නාන්සෙලා ඒ අය අත්හදා බලන්න නම් යන්න එපා. ඒ අත්හදා බැලීමේ අනතුරේ රට දාන්න එපා. රැල්ලට ගියපු අයට දැන් වුණත් මේ පැත්තට එන්න පුළුවන්”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) අම්පාරේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...