රතුපාට දම්පාට වෙලා, මේ දම්පාට අද අපට ගෙන එන්නේ අසුබ පණිවිඩයක් – දිලිත්

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ (LNW):

"මේ අපි යන්නේ තුන්වෙනි ලෝකෙන් යම ලෝකෙට. රතුපාට දම්පාට වෙලා. මේ දම්පාට අද අපට ගෙන එන්නේ අසුබ පණිවිඩයක් එය හොඳට තේරුම් ගන්න. මේ ඓතිහාසික ජනාධිපතිවරණයක්. අපි ණය කළමනාකරණය කරලා ජීවිතයේ ප්‍රායෝගිකව මේවාට මුහුණ දුන් පුද්ගලයෙක් හැටියට කියන්නේ. මෙය කරන්න හැකි වැඩපිළිවෙළක්"– දිලිත්

ව්‍යවසායකත්ව මනසකින් යුතු ශ්‍රී ලාංකිකයින් බිහිකිරීමට සහ ඔවුන් ඉදිරියට ගෙන යාමට මුදල් සහ ව්‍යවසායකත්ව අමාත්‍යාශයක් බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි. අද (15) පස්වරුවේ කිරිබත්ගොඩ පැවති ජනරැලියක් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ණය ගන්නා දුර්වල අමාත්‍යාංශයක් මෙරටට අනවශ්‍ය බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

“මේ අපි යන්නේ තුන්වෙනි ලෝකෙන් යම ලෝකෙට. රතුපාට දම්පාට වෙලා. මේ දම්පාට අද අපට ගෙන එන්නේ අසුබ පණිවිඩයක් එය හොඳට තේරුම් ගන්න. මේ ඓතිහාසික ජනාධිපතිවරණයක්. අපි ණය කළමනාකරණය කරලා ජීවිතයේ ප්‍රායෝගිකව මේවාට මුහුණ දුන් පුද්ගලයෙක් හැටියට කියන්නේ. මෙය කරන්න හැකි වැඩපිළිවෙළක්. ඔය දැන් ඉතුරුවෙලා ඉන්න ජනාධිපති අපේක්ෂකයෝ තුන්දෙනාම සුරුට්ටු කඩයක්වත් කරලා නෑ, පෙට්ටි කඩයක් වත් කරලා නෑ, රස්සාවක්වත් කරලා නෑ, බදු ගෙවලා නෑ, අද බදු ගෙවන්නෙත් නෑ. අවුරුදු 30ක් මේ මහ පොළොවේ හැපිලා ව්‍යාපාර කරපු කෙනෙක් හැටියට මේ ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ඇති පුද්ගලයෙක් හැටියට අපි මේ ආර්ථිකය කළමනාකරණය කරන ආකාරය.”

“ආර්ථිකය, මොකද කියන්නේ පොහොසත් වෙන ආකාරය මේකේ සටහන් කරලා තියෙනවා. අපි යෝජනා කරන්නේ මුදල් අමාත්‍යාංශය වෙනුවට මුදල් සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශය. ව්‍යවසායකත්ව මනසකින් යුතු ශ්‍රී ලාංකිකයින් ඇහැරවලා අභිප්‍රේරණය කරලා අපේ කාන්තාව ඇහැරවලා අපේ තාරුණ්‍යය ඇහැරවලා ඉස්සරහට ගෙනියන්නට පුළුවන් මුදල් සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශයක් තමයි අපි පිහිටුවන්නට ඉන්නේ. ණය ගන්න දුර්වල අමාත්‍යාංශයක් නෙමෙයි.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...