ජනතාවගේ සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීමට නව ව්‍යාපෘති 39ක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW :

මහජන සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීම සඳහා සෞඛ්‍ය අංශයේ නව ව්‍යාපෘති 39ක් ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනතාවගේ ඉහළ යන සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා රෝහල් ඇතුළු රජයේ බොහෝ සෞඛ්‍ය සේවා ආයතනවල පවතින බවට හඳුනාගෙන ඇති යටිතල පහසුකම් හිඟයන් මඟහරවා ගැනීම සහ අතිනවීන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මඟින් නවීන සෞඛ්‍ය සේවා ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි පහසුකම් වැඩිදියුණු කිරීම ඉලක්ක කරගත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව, 2025 හා 2026 වර්ෂයන්හිදී ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනා අතරින් ව්‍යාපෘති යෝජනා 41ක් ඇගයීමෙන් අනතුරුව, 2027 වර්ෂයේදී ආරම්භ කර ක්‍රියාත්මක කිරීමට ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත.

එම ව්‍යාපෘති අතරින් ව්‍යාපෘති 39ක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇති සූදානම සැලකිල්ලට ගෙන, 2027 අයවැය තුළින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට සැලසුම් කර ඇත.

2027-2031 කාල පරිච්ඡේදයට අදාළ රාජ්‍ය ආයෝජන වැඩසටහනට එම ව්‍යාපෘති යෝජනා මේ වන විට ඇතුළත් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...