ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කඩිනම් වැඩසටහන ක්රියාත්මක කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය වෙත අමතර රුපියල් මිලියන 2,500ක අරමුදල් ලබාදීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
2026 යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන ක්රියාත්මක කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්යාංශය යටතේ වෙන් කරනු ලැබූ ප්රතිපාදනවලින් රුපියල් මිලියන 6,000ක් වී අලෙවි මණ්ඩලය වෙත ලබා දී ඇති අතර, එම මුදල් යොදා ගනිමින් මේ වන විට වී මිලදී ගැනීමේ කටයුතු සිදු කරමින් පවතියි.
කෙසේ වෙතත්, අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්රික්කවල මෙන්ම මහවැලි B, C සහ H කලාපවල වී අස්වනු තවමත් නෙළා අවසන් කර නොමැති හෙයින් එම ප්රදේශවල වී මිලදී ගැනීම සඳහා දැනට වෙන් කර ඇති ප්රතිපාදන ප්රමාණවත් නොවන බව නිරීක්ෂණය වී තිබීම මත 2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කඩිනම් වැඩසටහන ක්රියාත්මක කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්යාංශය වෙත ලබා දී ඇති රුපියල් මිලියන 7,500ක අමතර ප්රතිපාදනවලින් තවත් රුපියල් මිලියන 2,500ක් ප්රතිපූරණය කිරීමේ පදනම මත වී අලෙවි මණ්ඩලය වෙත ලබාදීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී ලාල්කාන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.



