USAID සමග වසර 05 ක ගිවිසුමක් – ඩොලර් මිලියන 65 ක ආධාර

Date:

ඉදිරි වසර 05 ක කාලය තුළදී අතිරේක ඇස්තමේන්තුගත ආධාරයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 65 ක් ලබාදීමට USAID ආයතනය එකඟතාවය පළකර තිබෙන බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ USAID දූත මණ්ඩල අධ්‍යක්ෂක ගේබ්‍රියෙල් ග්‍රෝ මහතා සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාතයංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අත්සන් තබන ලද සංවර්ධන අරමුණු සහාය ගිවිසුම යටතේ මෙම අරමුදල් ශ්‍රී ලංකාවට හිමිවනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් පවසන්නේ ශ්‍රී ලංකාව වෙත සපයන සියලු USAID අරමුදල් ත්‍යාග හෝ ප්‍රදාන ලෙස සපයනු ලබන බවයි. එම අරමුදල් දැඩි අධීක්ෂණ ප්‍රමිතීන්ට අනුකූල වන දේශීය හා ජාත්‍යන්තර සවිධාන විසින් ක්‍රියාත්මක කරනු ලබන බවද තානාපතිනිය පවසනවා.

මෙම ඩොලර් මිලියන 65 ක මුදල හිමිවන්නේ පසුගියදා මෙරටට පැමිණි සමන්තා පවර් විසින් ලබාදීමට පොරොන්දු වු ඩොලර් මිලියන 60 ක ආධාර මුදලට අමතරව බවයි තානාපතිවරයි සඳහන් කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...