USAID සමග වසර 05 ක ගිවිසුමක් – ඩොලර් මිලියන 65 ක ආධාර

Date:

ඉදිරි වසර 05 ක කාලය තුළදී අතිරේක ඇස්තමේන්තුගත ආධාරයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 65 ක් ලබාදීමට USAID ආයතනය එකඟතාවය පළකර තිබෙන බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ USAID දූත මණ්ඩල අධ්‍යක්ෂක ගේබ්‍රියෙල් ග්‍රෝ මහතා සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාතයංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අත්සන් තබන ලද සංවර්ධන අරමුණු සහාය ගිවිසුම යටතේ මෙම අරමුදල් ශ්‍රී ලංකාවට හිමිවනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් පවසන්නේ ශ්‍රී ලංකාව වෙත සපයන සියලු USAID අරමුදල් ත්‍යාග හෝ ප්‍රදාන ලෙස සපයනු ලබන බවයි. එම අරමුදල් දැඩි අධීක්ෂණ ප්‍රමිතීන්ට අනුකූල වන දේශීය හා ජාත්‍යන්තර සවිධාන විසින් ක්‍රියාත්මක කරනු ලබන බවද තානාපතිනිය පවසනවා.

මෙම ඩොලර් මිලියන 65 ක මුදල හිමිවන්නේ පසුගියදා මෙරටට පැමිණි සමන්තා පවර් විසින් ලබාදීමට පොරොන්දු වු ඩොලර් මිලියන 60 ක ආධාර මුදලට අමතරව බවයි තානාපතිවරයි සඳහන් කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ තවත් අදියරක්!

කොළඹ LNW: ස්විස්ට්සර්ලන්ත - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය...

ආණ්ඩුව පීචංද ?

කොටුව බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කරන උත්සවය වෙලාවේ ප්‍රසිඩන්ට්...