Thursday, March 30, 2023
spot_img

Latest Posts

T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

ලබන මස ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වන 20/20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ජාතික තේරීම් කමිටුව විසින් නම්කළ කණ්ඩායමට ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය හිමිව තිබේ.

ආසියානු කුසලාන තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අසිත ප්‍රනාන්දු ඉවත් කර ඇති අතර දුෂ්මන්ත චමීර හා ලහිරු කුමාර කණ්ඩායමට නම්කර තිබෙනවා. කෙසේ නමුත් ඔවුන් දෙදෙනා තරගාවලියට සහභාගි වන්නේද යන්න තීරණය වන්නේ ශාරීරික යෝග්‍යතාවය ප්‍රමාණවත් වුවහොත් පමණි.

ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනන්ජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්‍රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, දිල්ෂාන් මධුෂංක, ප්‍රමෝද් මධුෂාන්

අතිරේක ක්‍රීඩකයන් ලෙස අශේන් බණ්ඩාර, ප්‍රවීන් ජයවික්‍රම, දිනේෂ් චන්දිමාල්, බිනුර ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු නම්කර ඇති අතර ඔවුන්ගෙන් අශේන් බණ්ඩාර හා ප්‍රවීන් ජයවික්‍රම පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ඇත.

UN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.