රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW :
කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගා අනුෂ්කා විජේනායක යන අය අත්අඩංගුවට ගැනීම සඳහා අද (16) දින වරෙන්තු නිකුත් කරන ලදී.
කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වෙනුවෙන් ඇපකරුවන් ලෙස පෙනී සිටි අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, කපිල සහ ඔහුගේ බිරිඳට එරෙහි නඩුව අද (16) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
අරවින්ද ද සිල්වාගේ මව මියගොස් ඇති බවත් ඇයගේ අවසන් කටයුතු අද දින සිදු කිරීමට නියමිතව තිබූ බවත්, එම හේතුවෙන් ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බවත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.
එම වරෙන්තු ආපසු කැඳවීම සඳහා කරුණු සලකා බලන අවස්ථාවේදී මෙම කරුණ අධිකරණයේ අවධානයට යොමු කළ යුතු බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.



