*
Friday, May 3, 2024
spot_img

Latest Posts

නව මහ බැංකු පනත ක්‍රියාත්මකයි – මුදල් රාජ්‍ය අමාත්‍ය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නව මහ බැංකු පනත සම්මත වීම මඟින් මුදල් මුද්‍රණය කිරීම සඳහා ඉල්ලීම් කිරීමට රජයට ඇති අවස්ථා දැඩි ව සීමා කර ඇති බවත්, මෙමගින් මහ බැංකුව තවදුරටත් ස්වාධීන කිරීමට පියවර ගෙන ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ,

“නව මහ බැංකු පනත ක්‍රියාත්මකයි. එහි විශේෂත්වය තියෙන්නේ, මහ බැංකුව තවදුරටත් ස්වාධීන වීම. මහ බැංකුවේ ජනතා පරමාධිපත්‍යයට තියෙන බැඳීම තවදුරටත් පුළුල් කරනවා. ඒකක් මුදල් මුද්‍රණය. බොහෝ පසු ගිය කාලවල කතාබහට ලක් වුණා. මේ ආර්ථිකමය ප්‍රශ්නවලට මුදල් මුද්‍රණය බල පෑ හැටි. නව මහ බැංකු පනත අනුව රජයට මුදල් මුද්‍රණය කරන්න කියලා මහ බැංකුවෙන් කළ හැකි ඉල්ලීම ඉතාමත් සීමිතයි. සුවිශේෂි ආරක්ෂක ප්‍රශ්නයක දී. දිගින් දිගටම රට වසා තැබීම. අකර්මණ්‍ය වන ආරක්ෂක ප්‍රශ්ණයක්. ලෝක සෞඛ්‍ය ප්‍රශ්නයක දී මුදල් මුද්‍රණය කිරීම සඳහා රජයට ඉල්ලන්න පුළුවන්. මුදල් මුද්‍රණය ඉතාමත්ම සීමා වෙනවා.”

රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම පනත තුළින් භාණ්ඩාගාර ලේකම්වරයා මහ බැංකුවේ පාලක මණ්ඩල සඳහා සහභාගී වීම ඉවත් කර ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan