Thursday, September 28, 2023
spot_img

Latest Posts

සේවක අර්ථ සාධක අරමුදලට බලපෑමක් නෑ – මනූෂ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් , කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කියා සිටියේ, සේවක අර්ථ සාධක අරමුදලට අදාළව මේ වන විට හිමිවන සියයට 9ක ප්‍රතිලාභය එහි සාමාජිකයන් සඳහා ඉදිරියටත් ලබා දෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, බදු පැනවීමක් සිදුවන්නේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් සතු මුදල් සඳහා නොවන අතර අරමුදල සතු මුදල් ආයෝජන කිරීමෙන් පසුව ලබන ලාභයට සියයට 14ක ප්‍රතිශතයක් ලෙස පමණක් බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි එකඟතා අනුව සහ ණය හිමියන් සමග ඇති කරගත් එකඟතා මත මේ වනවිට විදේශීය ණය ප්‍රශස්ථකරණය කිරීමේ කටයුතු සූදානම් බවයි.

එමෙන්ම සේවක අර්ථ සාධක අරමුදල අයිති වන මහ බැංකුව ස්වාධීන ආයතනයක් හේතුවෙන් එයට කිසිදු හානියක් සිදු නොවන බවත්, අරමුදල සම්බන්ධව කිසිදු තීරණයක් කම්කරු අමාත්‍යාංශය හරහා ගැනෙන්නේ නැති බව ද අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය
.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.