නැනෝ ජල පිරිපහදු මධ්‍යස්ථාන 05 ක් විවෘත කෙරේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නාගරික සංවර්ධන හා නිවාස ඉදි කිරිමේ අමාත්‍යංශය මගින් ,  නැවත පදිංචි කරන ලද ජනතාවට පිරිසිදු පානිය ජලය ලබා දිමේ අරමුණින්  කිලිනොච්චි පන්නංකන්ඩි ගම්මානයේ ඉදිකරන ලද නැනෝ ජල පිරිපහදු මධ්‍යස්ථානය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් විවෘත කර ඇති බව සඳහන් වේ.

කිලිනොච්චි මන්නංකන්ඩි ගම්මානයේ ඉදි කෙරුණු මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය අමාත්‍යවරයාගේ අනුදැනුම යටතේ ඉදිවී ඇත.

යුද්ධය නිසා අවතැන් වි නැවතත් පදිංචි කරන ලද කිලිනොච්චි ජනතාවට පානිය ජලය ලබාදිමේ අරමුණින් නැනෝ ජල පිරිපහදු මධ්‍යස්ථාන 23ක් ඉදි කිරිමට නියමිතව ඇති අතර එහි පළමු අදියර වශයෙන් ජල පිරිපහදු මධ්‍යස්ථාන 5 ක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතාව සතු කර ඇති බව සඳහන් .

යුද්ධය නිසා අවතැන් වී නැවත පදිංචි වූ ජනතාවට පිරිසිදු ජලය ලබාදිම රජයේ වගකිමක් වන අතර එමනිසා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම නැනෝ ජල ව්‍යපෘතිය හැකි ඉක්මණින් විවෘත කිරිමට කටයුතු කළ බවයි , එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කලේ

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඉතිරි නැනෝ ව්‍යපෘති ප්‍රමාණයත් හැකි ඉක්මණින් විවෘත කරන බවත් එමඟින් කිලිනොච්චි ජනතාවට විශාල සහනයක් ලබාදීමට කටයුතු සලසන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...