රජයේ ආර්ථික ප්‍රතිපත්ති වලට අනාගතයේ වෙන දේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අනාගතයේ දී රජයේ ආර්ථික ප්‍රතිපත්ති මූලිකවම පෞද්ගලික ක්ෂේත්‍රය මත රඳා පවතිනු ඇති බවත් ඉදිරියේදී රජය ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන් ඉවත්වී නියාමනය කිරීම පමණක් සිදුකරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසා සිටී.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා තවදුරටත් පැවසූවේ,

“ඉදිරි අනාගතයේ දී රජයේ ආර්ථික ප්‍රතිපත්ති මූලිකවම පෞද්ගලික ක්ෂේත්‍රය මත රඳාපවතීවි. රජය හුදෙක් නියාමන අධිකාරියක් වශයෙන් පමණක් කටයුතු කරාවි. රජය ආර්ථිකය ස්ථායිකරණයේ සැලකිය යුතු වර්ධනයක් ළඟා කරගෙන තියෙනවා. ශ්‍රී ලංකාව එහි ණය ප්‍රතිව්‍යුහගතකරණය 2023 වසරේ අවසන් කාර්තුවේදී අවසන් කිරීමට අපේක්ෂා කරනවා. IMF පළමු සමාලෝචනය ඊයේ ආරම්භ කළා. එය සති දෙකක් වැනි දිගු කාලයක් පැවැත්වෙනවා. ජනාධිපතිවරයා මූල්‍ය කොමිසම සමග එළඹෙන 26 වනදා එහි අවසන් හමුව පැවැත්වීමට සැලසුම් කරලා තිබෙනවා.” ලෙස ශෙහාන් සේමසිංහ මහතා පවසා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...