මහමැතිවරණයකදී සජබ ඉදිරියෙන්. ජාජබ කරටකර සටනක. නවතම සමීක්ෂණ වාර්තාව මෙන්න !

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වසර මුල සිටම සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ (IHP) මහමැතිවරණ ඡන්ද අභිප්‍රාය පිළිබඳ නවතම වාර්තාව නිකුත් වී තිබේ.

ඒ අනුව අගෝස්තු මාසය වනවිට පැවති මත විමසුම අනුව සමගි ජන බලවේගය 29% ක ප්‍රතිශතයක් ලබාගනිමින් ඉදිරියෙන් සිටින අතර ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ 28%ක ප්‍රතිශතයක් ලබමින් දෙවැනි ස්ථානයෙහි පසුවෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 19%ක ප්‍රතිශතයක් ලබමින් තෙවැනි ස්ථානයෙහි පසුවන අතර එක්සත් ජාතික පක්ෂය 9%ක ප්‍රතිශතයක් ලබමින් සිව්වැනි ස්ථානයේ පසුවෙයි.

මෙහිදී ප්‍රමුඛ පක්ෂ දෙක සඳහා දෝෂ ආන්තිකය 2 – 3% වන බවයි සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය සිය වාර්තාවෙන් දක්වා ඇත්තේ.

මහමැතිවරණය සම්බන්ධයෙන් පසුගිය ජුලි මාසය සඳහා IHP වාර්තාව පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...