මාවෙයි හා කියද්දී ශ්‍රීධරන් බෑ කියයි!

Date:

කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සහය ලබා දීමට එහි නායක මාවෙයි සේනාධිරාජා මහතා එකඟතාව පළකර ඇති නමුත් එම තීරණයට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් එකඟ නොවන බව පවසා තිබේ.

ඊයේ (16) උදෑසන වව්නියාවේ දී එම පක්ෂයේ දේශපාලන නියෝජිතයින් අතර පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂයේ සභාපති මාවෙයි සේනාධිරාජා මහතා කියා තිබුණේ සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට තීරණය කළ බවයි. පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණය අනුව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය දැක්වීමට සිය පක්ෂය තීරණය කළ බව ඔහු එහිදී පවසා ඇත.

නමුත් තමන් එම මතයට කිසිසේත් එකඟ නොවන බව උක්ත රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පවසා තිබේ.

සිංහල ජනාධිපති අපේක්ෂකයින් කිසිවෙකුත් දෙමළ ජනතාවගේ අභිලාෂ ඉටුකිරීමට ඉදිරිපත් නොවන පසුබිමක දෙමළ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූ දෙමළ පොදු අපේක්ෂකයා වන පාකියසෙල්වම් අරියනේත්‍රන්ට සියලුදෙනාගේ සහාය ලබාදෙන ලෙසයි ඔහු ඉල්ලා ඇත්තේ.

පවතින මෙම තත්ත්වය අනුව උතුරු නැගෙනහිර ජන්ද පැහැදිලි බෙදීමකට ලක්ව තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...