බැඩ්මින්ටන් ජාතික තලයට එන්න ආධුනිකයන්ට තවත් මාවතක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 17, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් (SLB) සංවිධානය සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම්බන්ධීකරණය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම ආධුනික වයස් කාණ්ඩයේ බැඩ්මින්ටන් ශූරතාවලිය සැප්තැම්බර් 28 සිට ඔක්තෝබර් 2 දක්වා දෙවලපොල, නයිවල නව සනිරෝ ගුවන් තොටුපළ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.ඒම තරගාවලිය සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය සැප්තැම්බර් 20 වන දා ය.
ශූරතාවලියේ බාලක බාලිකාවන් සඳහා වයස අවුරුදු 11, 13, 15, 17 සහ 19 යන වයස් කාණ්ඩ යටතේ තරග පවත්වනු ලැබේ. සමාරම්භක උත්සවය සැප්තැම්බර් 28 වනදා පැවැත්වෙන අතර මූලික තරඟ එදින සිට සැප්තැම්බර් 30 දක්වා පැවැත්වේ. අවසන් පූර්ව හා පූර්ව අවසන් තරඟ ඔක්තෝබර් 1 වනදා පැවැත්වෙන අතර අවසන් හා සමාප්ති උත්සවය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 2 දා ය.


ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුව පාසල් මට්ටමේ නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ජාතික මට්ටමට පිවිසීමට ඇති දොරටු පුළුල් කිරීමේ අරමුණෙන් පවත්වන මෙම තරගාවලියේ ජයග්‍රාහකයන්ට, අනුශූරයන්ට සහ අවසන් පූර්ව වටයේ තරගකරුවන්ට වටිනා කුසලාන, පදක්කම් සහ සහතිකපත් හිමිවේ.මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ආදරණිය අනුග්‍රහයෙන් Sunquick, McFoil, Mobil, Li-Ning, Multilac, United Sports සහ Prime Group ඒක් වී සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...