*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

නෙට්බෝලයට ක්‍රිකට් ආදරය

මෙවර ආසියානු කුසලානය දිනාගත් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට මෙන්ම එයට සහභාගි වූ නිලධාරි කණ්ඩායමට ද,එක් අයෙකුට රුපියල් ලක්ෂ විස්ස බැඟින් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වූ බව ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙක් LNW වෙත පැවසීය.

මීට පෙර 2018 දී ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම ආසියානු සූරතාවය දිනද්දී,වත්මන් ජනාධිපතිවරයා අගමැතිවරයාව සිටි අතර එහිදී නෙට්බෝල් ක්‍රීඩිකාවන්ට පිරිනැමූ නිවාස සම්බන්ධයෙන් ගෝටාභය රාජපක්ෂ රජය විසින් මුදල් අයකර ගැනීම සඳහා ලිපි කිහිපයක්ම නිකුත් කර ඇත.ක්‍රිකට් ආයතනයෙන් මුදල් ලබා දීමට මැදිහත්වීම වගේම ජනාධිපතිවරයාට එම නිවාස ප්‍රශ්නයටද විසඳුමක් ලබා දීමට මැදිහත්විය හැකිනම් වැදගත්ය.

එසේම මිලියන දෙක බැඟින් මිලියන තිහකට අධික මුදලක් වැය කිරීම වගේම එම කණ්ඩායමට උපහාර වශයෙන් ආසියාවේ ප්‍රබලම නෙට්බෝල් කණ්ඩායම අයත් පරිපාලන ඒකකයට ගෘහස්ථ ක්‍රීඩාංගණයක් සකස් කර දිය හැකිනම් එය ද අපූරුය.කුමන ජයග්‍රහණ ගෙනාවත් ජාතික නෙට්බෝල් කණ්ඩායමට සෑම අවස්ථාවකදීම සිය පුහුණුව පවත්වාගෙන යන්නට ස්ථානයක් සොයා එකිනෙකා පසුපස යන්නට සිදුවීම ඛේදණීය තත්තවයකි.එවැනි ගෘහස්ථ ක්‍රීඩාංගණයක් නෙට්බෝල් පරිපාලනයට ඇත්නම් එයට එය ආර්ථික වශයෙන් ද විශාල සවියක් වනු ඇත.

ජනාධිපතිවරයා විසින් ආසියානු සූර ශ්‍රී ලංකා ක්‍රිකට් සහ නෙට්බෝල් කණ්ඩායම් වෙනුවෙන් ජනාධිපතිවරයා සූදානම් කර තිබූ රාත්‍රි භෝජන සංග්‍රහයේදී නෙට්බෝල් කණ්ඩායමට මුදල් ප්‍රදානය කිරීමට අමතරව ක්‍රිකට් ආයතනය මඟින් මහරගම ජාතික පිළිකා රෝහලටද මුදල් පරිත්‍යාගයක් කරන්නට ද යෙදිණ.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan