රජයේ සහතික මිල කතාවට සීමා වෙයි – ගොවි අරගල යළිත් උත්සන්න වෙයි !

Date:

වී ගොවීන් සිය අස්වනු නෙලීම ආරම්භ කිරීමත් සමග කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ වී අස්වැන්නෙන් වැඩි ප්‍රතිශතයක් රජය විසින් මිලදී ගන්නා බවයි. ඊට අදාලව කැබිනට් පත්‍රිකාවක්ද ඇමතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව රුපියල් බිලියන 2000 ක් වී මිලදී ගැනීම වෙනුවෙන් වෙන්කර තිබිණි.

මේ අතර ගොවීන්ට සාධාරණ මිලක් ලබාදෙන බව පවසමින් වී සඳහා සහතික මිලක්ද නියම කිරීමට ඇමතිවරයා කටයුතු කළේය. නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120 කටත් සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125 කටත් කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130 කටත් නියම කර තිබිණි.

කෙසේ නමුත් ගොවි සංවිධාන ප්‍රකාශ කළේ රජයේ සහතික මිල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. වී වගාව සඳහා වැයකළ මුදල් පියවා ගැනීමට නම් අවම වශයෙන් රුපියල් 150 කට වත් තම අස්වනු අලෙවි කළයුතු බවද ගොවීන් දිගින් දිගටම ප්‍රකාශ කළේය.

මේ වනවිට රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් අසාර්ථක වී ඇති අතර පසුව මුදල් ගෙවන පදනම මත වී අලෙවි මණ්ඩලයේ ශාඛාවලට ලබාදුන් වී තොග නැවත ලබාදෙන ලෙසද ගොවීන් ආණ්ඩුවෙන් ඉල්ලා තිබිණි.

මෙම තත්වය මත රුපියල් 150 ක සහතික මිලක් ඉල්ලා සිටි ගොවීන්ට අද වනවිට රුපියල් 100 කට හෝ සිය අස්වනු අලෙවි කරගත නොහැකි වී තිබේ. පෞද්ගලික අංශයේ වෙළෙන්දන් රුපියල් 100 කටත් වඩා අඩු මුදලකට අස්වනු මිලදී ගන්නා බවයි ගොවි සංවිධාන පෙන්වා දෙන්නේ.

මෙම තත්වය මත ඇතැම් ගොවීන් සිය අස්වනු අලෙවි නොකර නිවෙස්වල ගබඩා කර තබා ගැනීමට තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා පවසන්නේ වී මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණය කළද ඊට අදාල මුදල් ප්‍රතිපාදන තවමත් ලබා දී නොමැති බවයි.

අර්බුදය උත්සන්න වීමත් සමග මේ වනවිට රටේ විවිධ ප්‍රදේශවල ගොවි උද්ගෝෂණ යළිත් ආරම්භ වී තිබෙනවා. රසායනික පොහොර තහනම හේතුවෙන් ආරම්භ වූ ගොවි උද්ගෝෂණ පසුගිය කාලයේදී සමනය වී තිබූ නමුත් වී අස්වනු අලෙවි කරගත නොහැකි වීම හේතුවෙන් යලිත් පාරට බැස විරෝධතා පවත්වා හෝ ආණ්ඩුවට සිය ගැටලු පිළිබඳ දැනුම්දීමට ගොවීන්ට සිදුව තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් වැස්ස: ප්‍රදේශ කීපයකට තද සුළං(2025.06.21 කාළගුණය)

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : බස්නාහිර, සබරගමුව සහ...

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...