*
Friday, November 22, 2024
spot_img

Latest Posts

අරගලයේ ඊළඟ මොහොත සහ ෆොන්සේකා භූමිකාව …

දෙමළ විරෝධී යුධවාදය ජනප්‍රිය දේශපාලන කතිකාවතක් බවට පත්කිරීම සඳහා ලොකුම වැඩකොටසක් කලේ ජ.වි.පෙ. මැදිහත් වීමෙනි. මෙහිදී එක් ඉතිහාස මං සන්දියකදී එල්.ටී.ටී.ඊ. සංවිධානය යුධමය වශයෙන් ලේ ගංගාවක් මැද පරාජය කල මහින්ද දෙමළ විරෝධී යුධවාදයේ ජනප්ප්‍රිය තනි හිමිකරු බවට පත්විය.

අනතුරුව දෙමළ විරෝධී චන්ද මල්ල මහින්ද විසින් තනිවම ඩැහැගත් විට ආසන දෙක තුනක් හෝ බේරාගැනීමට ජ.වි.පෙ.විසින් තෝරාගත් උපාය මාර්ගය වූයේ දෙමළ විරෝධී යුද්ධයේ ජනඝාතක සෙන්පතියාවූ ජෙනරාල් පොන්සේකාව හැකිතරම් පුම්බා ඔහුගේ පිම්බුනු ප්‍රතිරූපයට මුවාවී මනාප ටිකක් බිලිබාගෙන සීට් දෙක තුනක් හෝ බේරාගැනීමය..

ඒ අනුව රාජපක්ෂ මිල්ටරි වාදයේ ප්‍රතිවාදී ඉතිහාස මිල්ටරි ස්ටාර් එක බවට පොන්සේකා පත්විය..

එදා මෙදාතුර ගතවූ කාල අවකාශය තුල බලයෙන් මත්වූ රාජපක්ෂ වරුන්ගේ මහා වන්චා දූෂණ සහ වැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රට තුල නිර්මාණය වූ ආර්ථික බංකොලොත් බාවය හේතුකොටගෙන ඇතිවූ මහජන පීඩාව නිසා රාජපක්ෂවරු ජනප්‍රිය බුමිකාවෙන් පිටතට විසිවී මහා මහජන වෛරයකටද පාත්‍ර විය..

එකී තත්වය තුල රට තුල ක්ෂණික මහජන නැගිටීමක් ඇති උනද ඒ නැගිටීමට හෙතුවූයේද අතිමූලික මිනිස් අවශ්‍යතාවයන් සැපයීමට නොහැකි ලෙස ආර්ථිකය තුල සිදුවූ එකතැන හිරවීමකි. ඒ මිසක එකී අතිමූලික සැපයුම් ඇන හිටීමට බලපෑ රාජපක්ෂවාදී පෙටිබුර්ෂුවා දෘෂඨිවාදවල බලපෑම හෝ අර්බූදයේ විෂය මූල කොන්දේසි හෝ අරගලකරුවන් අවබෝධ කරගෙන සිටියේ නැත..

ඒ අනුව අරගලය යනු අනුභූතිවාදී රාජපක්ෂ විරෝධයක් වන අතර අරගලය තුල ද රාජපක්ෂලා නැති යුධකාමයක් සහ රාජපක්ෂලා නැති ජාතිකවාදයක් සහ රාජපක්ෂලා නැති දූපත්වාදයක් සහ රාජපක්ෂලා නැති අතීතකාමයක් හොඳින් පෙනෙන්නට තිබින.

ජාතිවාදී මිල්ටරි ගොහොරුවේ එරී නොසිටි සහ එක්සත් ශ්‍රී ලංකාවක් ගැන කතිකාවතක් ගෙනා මධ්‍යම පාන්තික ලිබරල් කන්ඩායමක් මුල් ගෝල්ෆේස් අරගල බූමිය තුල සිටියද පසුව අරගලය පොදු මහජන අවකාශයේ බාල ජනප්‍රියවාදයක් බවට ඌනනය වූ පසුව ඔවුන් අරගල බිම අතහැර ඉවත්විය..

ඉන් අනතුරුව අරගලයේ පූර්ණ අවකාශය පිරී ගියේ යම් යම් දේශපාලන ව්‍යාපාරවල සැඟවුන ඇජෙන්ඩාවන්ගෙන් සහ ෆොන්සේකා වර්ගයේ මිල්ටරි වාදයන්ගෙන් සහ ජාතිකවාදී දේශප්‍රේමී ගොසරෑවන්ගෙන්ය.

අවම වශයෙන් අරගල බිම තුල සිටි වමේ කන්ඩායම් විසින් හෝ අරගල බිම තුල ආරම්භ කළ යුතුව තිබු අරගලයට හේතුවූ අර්බුදයේ දෘෂඨිවාදී මූලයන් සහ විෂය මූල භෞතිකත්වය පිළිබඳ පළල් සාකච්චාව සිදුවූයේ නැත. එහිදී වමේ කන්ඩායම්ද කෙසේ හෝ කෙටිමං හරහා ලද අවස්තාවෙන් බලයට මාවතක් සාදාගැනීමට බැළුවා මිස එවන් මතවාදී අරගලයකට යොමුවූයේ නැත.. හේතුව එවන් ගැඹුරු මතවාදී අරගලයක් ගැන ඔවුන් දන්නා මළදානයක්ද නොතිබීමයි..

මේ තත්වය තුල අරගල බිමට කිසිදු බාදාවකින් තොරව යාමට හැකි සහ අරගලය ආමන්ත්‍රණය කල හැකි ජාතික තලයේ එකම දේශපාලනඥයා බවට පත්වූයේ ජෙනරාල් ෆොන්සේකාය. ෆොන්සේකා යනු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ස.ජ.බෙ.න් වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගත් පුත්ගලයාය. ඒ දැවැන්ත මනාප සංඛ්‍යාව තුලින් පිළිඹිබුවූයේ උතුරේ ජනඝාතක යුද්ධය සඳහා ඔහුට ලැබුන සහ තාමත් නොනැසී පවතින මහා ජනප්‍රියත්වය සහ  හමුදා දේශපාලනයකට බිමේ පවතින ඉල්ලුමයි.

අරගලය තුල වෙසෙන අනිත් නායකයන් දෙස බැලූවිට පෙනීයන්නේ ඔවුන්  ජනප්‍රියත්වය තුලින් සහ ජාතික නායකත්වයක බූමිකාවක සම්බන්දව ෆොන්සේකාගේ අහල හත්ගවුවකටවත් පැමිනිය නොහැකි සහ යම් කවයක් තුල පමණක් ජනප්‍රිය අයවළුන් බවය.

ෆීල්ඩ් මාෂල්වරයෙකුගේ පාලනයක් යනු මේ මොහොතේ මේ බිමේ ඇතිවිය හැකි නරකම පාලනයකි..නමුත් වීමට නියමිත දෙය එය නම් අපට කල හැකි කිසිවක්ද නැත.

අර්බූදයේ ඉතිහාස ගමන්මග වැටී ඇත්තේද මොනයම් හෝ දරුණු මර්ධනීය ආඥාදායකත්වයක් හරහාය..එහි ප්‍රතිපලයක් ලෙස එකී  ඉතිහාසය විසින්ම අපට ජෙනරාල් කෙනෙකු දායාද කිරීමටද වැඩි ඉඩ කඩක් ඇත..

හමුදා පාලනයක් ඇතිවීමට පිරිහුන දේශපාලන පසුබිමක් පමණක් ප්‍රමාණවත් නැත. ඒ සඳහා සමපාතවෙන නොසෙල්වෙන පුද්ගල සුවිශේෂතා සහිත ඒකාධිපති පුද්ගල ශරීරයක්ද අවශ්‍යවේ. ඇතැම් විට දේශපාලන අවකාශය තුල ජනප්‍රිය මිල්ටරි භූමිකාවද හමුදා අභ්‍යන්තරය තුල අනසකද පිහිටුවිය හැකි සහ මේ ද්විත්වයේම දේශපාලන පොදුගුණාකාරය ෆොන්සේකා වීමට ද රික්ත අවකාශයක් පවතී…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan