කැබිනට් එකට වද්දගන්න බෑ කියපු දෙන්නා කවුද ?

Date:

තවත් කැබිනට් ඇමතිවරු පිරිසක් දිවුරුම්දීමට නියමිත අතර පොදුජන පෙරමුණ විසින් කැබිනට්ටුවට ඇතුළත් කළයුතු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබිණි.

කෙසේ නමුත් අවස්ථා කිහිපයකදීම නව ඇමතිවරුන් දිවුරුම් දීම කල්දැමීමට සිදුවිය. පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් කැබිනට් මණ්ඩලයට ඇතුළත් කිරීමට ජනාධිපතිවරයා අකමැති වීම ඊට හේතුව බවයි වාර්තා වන්නේ.

කැබිනට් තනතුරු සඳහා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගේ ලැයිස්තුවක් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති අතර කෙසේ නමුත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සහ රෝහිත අබේගුණවර්ධන මහතාට කැබිනට් අමාත්‍ය ධුර ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා දැඩිලෙස විරුද්ධ බවයි වාර්තා වන්නේ.

ලබාදුන් ලැයිස්තුවේ සියලුදෙනාට කැබිනට් තනතුරු හිමිවිය යුතු බව පොදුජන පෙරමුණේ නායකයන්ගේ දැඩි ස්ථාවරයයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට පත් දරුවන්ට පාසල් උපකරණ වෙනුවෙන් දෙන දීමනාව ජනවාරි 05ට පෙර!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් පාසල්...

වතුකරයේ පාසල් ගුරුවරුන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30 , කොළඹ LNW : වතු ආශ්‍රිතව...

ශ්‍රී ලාංකිකයින්ට නැවතත් ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා අවස්ථා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW ! ශ්‍රී ලාංකිකයින්ට නැවතත්...

අපේ ආණ්ඩුවකින් හිරේ යන්න බලාගෙන ඉන්න – NPP සභාපතිවරුන්ට දයාසිරි රතු එළි දල්වයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසංස්කරණ කටයුතුවලදී කිසිදු...