තවත් කමිටු පත්කිරීමේ තේරුම කුමක්ද ? මේවා ඇස්බැන්දුම් – කාදිනල් හිමි (VIDEO)

Date:

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව හෙළි කළ කරුණු පිළිබඳව සොයාබැලීම සඳහා තවත් කමිටුවක් පත්කිරීම තේරුමක් නොමැති ක්‍රියාවක් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසයි.

“එදා පාස්කු බෝම්බ ප්‍රහාරයට හසු වූ 273 දෙනා වෙනුවෙන් මා මේ දේ කිවයුතුමයි. දැන් මේ රටේ නායකයා තීරණය කරලා තියෙනවාලු මේ සම්බන්ධයෙන් වෙනම කමිටුවක් පත්කරලා චැනල් 4 නාළිකාව පෙන්නපු වැඩසටහනේ ඇති කරුණු විග්‍රහ කරන්න. මම අහන්න කැමතියි අපේ රටේ නායකයාගෙන්, එදා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කළා, මේ නායකයාම තමයි ඒ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පත්කළේ.

ඒ තේරීම්කාරක සභාවේ වාර්තාවේ 134 වෙනි පිටුවේ සඳහන් කරලා තියෙනවා මෙන්ම මේ පොලීසියේ උසස් නිලධාරියා මේ සිද්ධිය සම්බන්ධව ඉතාමත් බරපතළ වගකීමක් දරන කෙනෙක් කියලා. ඒ නිසා ඔහුව නීතිය හමුවට පැමිණවිය යුතුයි කියලා අද වෙනතුරු මොකක්ද වෙලා තියෙන්නේ. ඒ උසස් නිලධාරියා තාමත් පොලීසියේ එම තනතුරටත් වඩා උසස් තනතුරක් දරමින් ජීවත්වෙනවා. තවත් කමිටු පත් කිරීමේ තේරුම කුමක්ද? මේවා ඇස්බැන්දුම්. නායකයින්ගේ හැසිරීම ලැජ්ජා සහගතයි”

කාදිනල් හිමියන් මේ බව පැවසුවේ කළුතර ශාන්ත මරියා දේවස්ථානයේ 125 වැනි ජුබිලි සමරුව වෙනුවෙන් පැවති දිව්‍ය පූජාවට ඊයේ (17) එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...