ෆිජී රටම දිනද්දි, දිනුම අයිති නැති ෆිජී 7 ක්

Date:

ලෝක කුසලාන රගර් සූරතාවලියේ පෙරළිකාරම ජය වාර්තා කරන්නට ෆිජී දූපත් කණ්ඩායම සමත් වුණා.ඒ ප්‍රබල ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරමින්.සමස්ත තරගයේ ලකුණු තත්ත්වය 22 – 15 ක් වූ අතර තරගයේ මුල් අර්ධය නිමවන විටත් ඉදිරියෙන් සිටි ෆිජී කණ්ඩායම ඒ වන විට ලකුණු 12 – 8 ක් ලෙස ඉදිරියෙන් සිටියා.
තරගය පුරාවටම සිය පෙදෙස රැක ගැනීම කෙරෙහි විශාල උනන්දුවකින් කටයුතු කළ ෆිජී ක්‍රීඩකයො තමන්ගේ ලකුණු 22 උත්සාහක දිනුම් එකකින් සහ එක් ප්‍රවර්තනයකින් ද,නිදහස් පහර පහකින් ද සම්පූර්ණ කර ගත්තා. ඕස්ට්‍රේලියාව උත්සාහක දිනුම් දෙකක් ලබා ගත් අතර ඉන් එක් දිනුමක ප්‍රවර්ථනය සාර්ථක කර ගන්නට සමත් වුණා.ඊට අමතරව නිදහස් පහරක ලකුණු ද ඔවුන්ට හිමි වුණා.
ෆිජී ජයග්‍රහණය සඳහා ලබා ගත් ලකුණු 22 න් ලකුණු 14 ක් ම එකතු වුණේ සිමොන් කුරුවොලිගේ නිසි ඉලක්කය සහිත පා පහරවලින් වීමත් වැදගත්.24 හැවිරිදි සිමොන් මේ ඕස්ට්‍රේලියා ජයග්‍රහණයත් සමඟ ලෝකයේ වැඩි අවධානයකට ලක්වීම නොවැළක්විය හැකියි.මෙහිදී මේ ඓතිහාසික ජයග්‍රහණය ගැන සමස්ත ෆිජී වැසියන් සියලු දෙනාම උදම් අනද්දී එසේ කළ නොහැකි පරාජයේ වේදනාවේන් සිටින හත් දෙනෙකුද එම පිටියේම දකින්නට ලැබුණා.ඒ ෆිජී සම්භවයක් සහිත වුව මේ වන විට ඔස්ට්‍රේලියාව නියෝජනය කරන ක්‍රීඩකයින්.
කෙසේ හෝ මෙවර තරගාවලියේ පෙරළිකාරම ජය ලෙස දැකිය හැකි ඕස්ට්‍රේලියාවට එරෙහිව ෆිජී ලැබූ ඓතිහාසික ජයග්‍රහණයත් සමඟ ඉදිරි දින කිහිපය වඩාත් තීරණාත්මක වනු ඇතයි සිතිය හැකියි.හිටපු ප්‍රබල ක්‍රිඩකයින් මෙන්ම විචාරකයින් ද මේ ජයග්‍රහණයත් සමඟ ෆිජී තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට හඳුන්වනවා.යමෙක් ඔවුන් අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගි වීම මේ වන විටත් ස්ථීර බව පවසනවා.එක රැයකින් නොතිබූ බොහෝ විශ්වාසයන් තමන් සම්බන්ධයෙන් ඇති කර ගැනීමට ඔවුන් ඕස්ට්‍රේලියාවට එරෙහිව පළ කළ විශ්වාසය රැක ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා.
මේ සමඟ ඇත්තේ එම ෆිජී එතෙිහාසික තරග ජය වාර්තා කළ තරගයේ වීඩියෝ විශේෂ අවස්ථා සහිත වීඩියෝ රූප පෙළකට පහතින් පිවිසිය හැකියි.
https://www.rugbyworldcup.com/2023/video/865704/match-highlights-australia-v-fiji?video=865307

ප්‍රධාන ඡායාරූපයේ සිටින්නේ ෆිජී ජයග්‍රහණයෙන් වැඩි බරකට උර දුන් සිමොන් කුරුවොලියි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට ශ්‍රී ලාංකිකයින් සඳහා කැසිනෝ ඇතුළුවීමේ බද්ද වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීමේ...

අපි පක්ෂයක් ලෙස කාටවත් දේපළ තියෙනවාට විරුද්ධව කතා කරලාවත් නෑ. දේපළ තිබීම දේශපාලනයට එන්න බාධාවක් නෙවෙයි – ඇමති නලින්ද

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සහ සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ...

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...