ප්‍රතිව්‍යුහගතකරණය ගැන කියන්න ඇමති වෘත්තීය සමිති 35ක් කැඳවයි!

Date:

කොළඹ LNW:විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ විදුලිබල මන්ඩලයේ වෘත්තීය සමිති 35ක නියෝජිතයන් අතර හමුවක් සිදුව තිබුණි.

ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව තිබුණු අතර වෘත්තීය සමිති අදහස් හා යෝජනා එහිදී ඉදිරිපත් කර තිබුණි.

යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේ ප්‍රගතිය, නව විදුලිබල පනතේ ආකෘතිය, ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියට අදාල නියමයන් ක්‍රියාත්මක කරන කාල රාමුව, මානව සම්පත් විගණනය සහ සේවකයන් අනුයුක්ත කිරීමේ ක්‍රමවේදය, විශ්‍රාම වැටුප් සහ සේවක වරප්‍රසාද පිළිබඳව අනුගමනය කරන වැඩපිළිවෙල, සංවර්ධන නියෝජිත ආයතන මෙම ක්‍රියාවලියට ලබා දී ඇති සහය, විදුලිබල මන්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්‍යංශය පිහිටුවීම, යෝජිත නව සමාගමේ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින්ව දැනුවත් කර ඇත.

මෙම අවස්ථාවට ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යංශයේ ප්‍රධානියා ද සහභාගී වී තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...