ලිබියානු ඛේදවාචකයට අදට දින අටක්; මරණ සංඛ්‍යාව තවත් ඉහළට

Date:

පසුගිය සෙනසුරාදා(09) රාත්‍රියේ ලිබියාවේ උතුරු වෙරළ තීරයට ඩැනියෙල් කුණාටුව පහර දීමෙන් පසු මඩෙන් සේදී ගිය Derna නගරය මුඩු බිමක් බවට පත් කර අදට දින අටක් නිමා වේ.

මේ වනවිට මෙම ව්‍යසනය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 11,300 ක් මිය ගොස් 10,000 කට වැඩි පිරිසක් අතුරුදහන් ව ඇත. Derna වෙත යන මග දෙපස මාර්ග ගිලන් රථ සහ ආහාර සහ ජලය රැගෙන යන ට්‍රක් රථවලින් පිරී ඇති බව වාර්තා වන අතර ව්‍යසනයෙන් සතියකට වැඩි කාලයක් ගතවී ඇතත්, Derna නගරය එකම නටබුන් ගොඩක් බවට පත්ව ඇත.

මිනිසුන් 100,000 ලට වැඩි පිරිසක් විසූ Dernaහි වැසියන් නියමිත වේලාවට ඉවත් කිරීමට අපොහොසත් වීම ගැන ඔවුන් බලධාරීන්ට දොස් පවරන අතර ඔවුන් ප්‍රකාශ කරන්නේ නගරයට ඉහළින් ඇති ගරාවැටෙන වේලි වලින් නගරයට ඇති තර්ජන පිලිබදව ඔවුන් භීතියෙන් සිටි බවයි.

විපතට පත් වූවන්ට ආධාර කිරීමට ලිබියානු ආන්ඩු සහ විදේශ රටවල් යන දෙකම සහයෝගයෙන් කටයුතු කර ඇති නමුත් ප්‍රගතිය වේදනාකාරී ලෙස මන්දගාමී වේ. පාලම්, මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම්වලට දැඩි ලෙස හානි සිදුවී වීම හා විදුලිය විසන්ධිවීම හේතුවෙන් නගරය හුදකලා වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, Derna වෙත පළමු සහන රථ පසුගිය අඟහරුවාදා අගභාගයේදී ළඟා වූ බවයි.

සශිකලා මධුෂාණි- outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති අරමුදලෙන් තවත් සේවාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : ඉකුත් දා දිට්වා...

මුඛ සෞඛ්‍යයට හොඳ කලදසාවක් පෙන්වන “Arginine” වල බලපෑම!

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ස්වභාවිකව ඇති වන...

පිතිකරණයෙන් අලු වුණ අළු පන්දුවෙන් යළි නැගිටියි

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ජාතික...

1800 ගණන්වල රජකම් කළ දෙවන ඉසබෙලා රැජිනට පසුව ස්පාඤ්ඤයේ සිහසුනට පත්වන පළමු මහාරාජිනිය…Princess Leonor

රෂිකා හෙන්නායක ජනවාරි 14 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤයේ ඔටුන්න...