මොළ හතයි කිව්වා, රටට හෙණ හත ගැහුවා. ආයෙ නම් පැත්ත පළාතේ එන්න එපා – විජයමුණි

Date:

2005 වසරේදී තමන් ද එකතු වී මහින්ද රාජපක්ෂ මහතාව රටේ ජනාධිපති ධුරයට පත් කළ නමුත් ඔහුගේ පවුලේ සාමාජිකයින් රටේ පාලනයට මැදිහත් වීම තුළ රට විනාශය කරා ගිය බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

“දිස්ත්‍රික් 5ක් මම බාර අරගෙන අපි මහින්දව ජනාධිපති කළා. ටික දවසක් යනකොට දරුවන්ගෙ කරදඬු මහත් වුණා. මාමා කිව්වා, අංකල් කිව්වා, ඊටපස්සෙ මචං කිව්වා. අන්තිමට ඒගොල්ලන් රෑට දාන සෙල්ලමුත් අපි ඉස්සරහා කතා කරන්න පටන් ගත්තා. ඊළඟට නෝනා ඒ පැත්තෙන්, දරුවෝ මේ පැත්තෙන්, මල්ලිලා දෙන්නා ආවා ඇමරිකාවෙ ඉඳලා. ඒ එක්කෙනෙක් ටෙන් පර්සන්ට් ටෙම්පල් ට්‍රීස්. පළාත් පාලන නියෝජිතයින්ට පගාව නීත්‍යානුකූල කරපු බැසිල් මේ රටට ආවා. ඒ ඇවිල්ලා මූට මොළ හතක් කිව්වා, අපේ රටට හෙණ හත ගැහුවා. පල ඉක්මනට කියලා ප්ලේන් එකට නග්ගලා යැව්වා නම් ඉවරයි. දැන් නම් ගිහින් තියෙනවා, සන්තෝසයි. ආයෙ නම් එන්න එපා මයෙ අප්පච්චී, මේ පැත්ත පළාතෙ”

විජිත් විජයමුණි සොයිසා මහතා මේ බව පැවසුවේ ඊයේ (18) පැවති සමගි ජන බලවේගයේ කොලොන්නාව ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...

ලෝකයේ ලොකුම මකුළු ජනපදය ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ අඳුරු ගුහාවක් තුළ?

සටහන – පුලී නොවැම්බර් 08, කොළඹ (LNW): මෙය පොදු මකුළු...