Saturday, June 3, 2023
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන විශේෂ දැනුවත් කිරීමක් …

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹුණු එකඟතාවය පිළිබඳව සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ මීළඟ පියවර පිළිබඳව ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති සියලුම බාහිර ණය හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සැප්තැම්බර් 23 වනදා පැවැත්වීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය සම්බන්ධයෙන් උපදේශන සේවා සපයන ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම විසින් එම දැනුවත් කිරීම මාර්ගගත සාකච්ඡාවක් ඔස්සේ සිදුකරනු ඇති බව සඳහන්.

එසේම ශ්‍රී ලංකාවේ මෑත කාලීන සාර්ව ආර්ථික වර්ධනයන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ පැකේජයේ අරමුණු සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මීළඟ පියවර පිළිබඳව ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය එම මාර්ගගත සාකච්ඡාවේදී ණය හිමියන් වෙත කරුණු දැක්වීමට ද නියමිතව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.