ලෝන්ග්  ට්‍රිප්ස් එක්කන් යන short play; මිසයිල ගැන වචනයක්

Date:

ස්ටේජ් ඩ්‍රාමා ලවර්ස්ලව කුල්මත් කරපු හැන්දෑවක් තමයි සැප්තැම්බර් දහ අට. 3.30, 7.00 ශෝ දෙකේම ලයනල් වෙන්ට්ඩ් එකේ ඕඩියන්ස් එක ෆුල්. Baltimoraත් එතන හිටියා. ඒ, සචිත්‍ර රාහුබද්ධගෙ ‘හිතට වැටුණු මියසිල’ බලන්න. සචිත්‍ර අතිදක්ෂ නාට්‍ය මවන්නෙක් බව මිසයිලවලින් ඔප්පු කරලා පෙන්නුවා. කැපනං, දෙමළා නම්, උත්පලවර්ණා සහ රත්මල් යහනක සැතපී කියන කෙටි නාට්‍ය හතර එන්ටර්ටේයින්මන්ට් වගේම පොලිටිකල් එක්ස්පීරියන්ස් එකකුත් ගෙනාව. 

‘කැපනං’ එකේ හාමුදුරුවො අපට මේ යුගයේ හම්බෙන හාමුදුරුවො කෙනෙක්.  පිළිමගේ බිඳින්ඩ බෑ කියන පියදාසගේ කැරැක්ටර් එකත් මරු. ඒ කැරැක්ටර් එක ප්ලේ කරන කුසල් මධුරංගත් මරු. අපිම හදාගත්තු පිළිම අපිටම බිඳින්ඩ බැරි වෙන එකයි  ඕපන් මාකට් එක ආගමක් උනු මොහොතක පරණ පිළිම බිඳින්ඩ සිද්ධ වෙන එකයි අතර කම්ප්ලිකේටඩ් කාරණා සරල හිනාවක් අස්සෙන් සචිත්‍ර ඩිස්කස් කරනවා. නාට්ටියක මියුසික් කොහොමද බ්ලෙන්ඩ් වෙන්ඩෝනෙ කියන එක ‘කැපනං’ පෙන්නලා දෙනවා. එන්ඩ් එකේදි ඇහෙන බෝධිපූජා කවිය ගූස්බම්ප් එකක්. 

 සිංහලයා සහ දෙමළා අතර තාමත් ඉතුරු වෙලා තියෙන නොතේරුම් ගැනීම ඇතුළෙ ‘දෙමළා නම්’ ප්ලේස් වෙනවා. සිංහලයයි දෙමළයි ප්‍රශ්න දකින්නෙ එකිනෙකට වෙනස් කන්ටෙක්ස් දෙකක කියන කාරණාවට අමතරව , සිස්ටම් එකක් ඇතුළෙ පවතින්න නම් පොසිටිව් හරි නෙගෙටිව් හරි අයිඩින්ටිටි එකක් ඕනෙ කියලා ‘දෙමළා නම්’ අපිට කියනවා. ඒ ඔක්කොම එහෙම වෙද්දි, ලංකාවේ ජාතික ගැටළුව ගැන ඩිරෙක්ටර්ගේ අයිඩියොලොජි එක හරියටම කොතනද ප්ලේස් වෙන්නෙ කියන එක , සමහර ඩයලොග්ස් ඇහෙනකොට baltimoraගේ හිතට වැටුණ මිසයිලයක්.

 ලව් අෆයාර් එකේ සෙකන්ඩ් ඇනිවසරි එක දවසෙ සෙක්ස් කරන්න ඕනනං සල්ලි දීලා කරන්න කියන පෙම්වතියක් එක්ක අරගල කරන පෙම්වතෙක්ගේ කතාවක් තමයි ‘උත්පලවර්ණා’. ඒ ඉන්ටර්ඩක්ශන් එක පුරුෂවාදී වැඩිනං , ප්‍රේමයට ලිංගික සම්බන්ධතාවලට පවා වටිනාකමක් තියෙනවා කියල පිළිගන්න අකමැති පෙම්වතෙක් එක්ක ලව් අෆයාර් එකේ සෙකන්ඩ් ඇනිවසරි එක දවසෙ අරගල කරන පෙම්වතියකගේ කතාවක් තමයි ‘උත්පලවර්ණා’, කියන ඉන්ට්‍රෝ එක ඔබට බාර ගන්න පුළුවන්.  ඔය ඉන්ට්‍රෝ  දෙකෙන් එකක හෝ දෙකේම ඉඳගෙන ‘උත්පලවර්ණා’ බලන්ඩත් පුළුවන්. ‘වැලිව්’ කියන වචනයේ වැලිව් එක තීරණය වෙන්නෙ ඉකොනොමිකලි විතරද කියන ප්‍රශ්නෙ ඒ නාට්‍යයේ කොල්ලා ඇහුවනම් මරු කියලා baltimoraට හිතෙනවා. මුල ඉඳලා අග වෙනකං ප්‍රේක්ෂකයව ඇද බැඳ තබා ගන්න උගුලක් වගේ සචිත්‍ර ලියපු ඩයලොග්ස් නාට්‍ය පුරා කරකැවෙනවා. වැල්ලවත්ත රොක්සි එකේදි හරි පාමංකඩ ඊරෝස් එකේදි හරි වගේ ක්ලැප් එකයි විසිල් එකයි දෙකම එකට වදින ගානට වෙන්ට්ඩ් එක පරිවර්තනය කරන්න සචිත්‍ර සමත් උනා. 

‘රත්මල් යහන ‘ කියන්නෙ මැජිකල් වැඩක්. අතීත උරුමයක් ගැන කතා කරන රිද්දි බිසව් කොටහේන පොලීසියට එනවා. අන්න එතනදි ආයෙත් පාරක් අර ලස්සන මියුසික් බ්ලෙන්ඩ් එක එක්ස්පීරියන්ස් වෙනවා. ‘ කැපනං’ එකේදි හේෂාන් කුරුප්පු පෑවා වගේම වික්‍රමයක් ‘රත්මල් යහනෙදි’ ශාන්ත පීරිස් පානවා. අතීත උරුමය කියන්නෙ පරිස්සමෙන් අඩිය තියන්නොන ඒරියා එකක්. මානව ශිෂ්ටාචාරයේ  මල් ගොමු වගේම ජාතිකවාදයේ කටු පඳුරුත් ඒ කිට්ටුවම තියෙන්න පුළුවන්. 

ඩිරෙක්ටර් කෙනෙක් හැටියට සචිත්‍ර ලස්සන සලකුණක් තිබ්බා. මියුසීෂියන්ස්ලා ඇක්ටර්ස්ලා ඇතුළු මුළු කෲ එකම ටීම් වර්ක් එකක් හැටියට ඒ සලකුණ තිබ්බ හැටි baltimora දැක්කා. මේ සැලියුට් එක ඒ ටීම් එකට. ටීම් වර්ක් එකට. 

BALTIMORA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...