නැඩ කෙල්ලන්ට හැඩ වැඩ පෙන්නන්න ජාත්‍යන්තර ඉඩක්

Date:

සාමාන්‍යයෙන් රගර් ක්‍රීඩාව සුමටව සුකොමළව කළ නොහැකි දෙයක්.ඒත් සුකොමළ කාන්තාවන් අතරින් දුවන්න,දරන්න පුළුවන් කාන්තාවන්ට සිය ශරීරයේ දරාගැනීම,වේගයට ජාතිකමය වගකීමක් ලබා දෙමින් මෙරට නියෝජනය කරන්නට විවෘත ආරාධනාවක් කරනවා.ශ්‍රී ලංකා රග්බි හරහා කෙරෙන ඒ ආරාධනය භාර ගැනීමට ඔබත් සුදුසු ද යන්න පහත සටහනෙන් ඔබටත් තේරුම් ගත හැකියි.

ශ්‍රී ලංකා කාන්තා රග්බි සංචිතයට ධාවන දක්‍ෂතාවලින් යුත් තරුණ ක්‍රීඩිකාවන් ඇතුළත්කරගැනීමට ශ්‍රී ලංකා රග්බි තීරණය කර තිබේ.මේ සඳහා මීටර 100 සහ 200 ධාවන ඉසව්වලට සහභාගි වන උස අඩි 5 අඟල් 6 සිට සහ බර කිලෝග්‍රෑම් 55 ට වැඩි ක්‍රීඩිකාවන්ට වැඩි අවස්ථාවක් ඇති බවත් මීටර 100 ධාවන ඉසව්ව තත්පර 11 ත් 16 ත් අතර සහ මීටර 200 ධාවන ඉසව්ව තත්වය 25 ත් 30 ත් අතර කාලයකින් නිමා කිරීමේ හැකියාව,ඉහළ සුදුසුකම් ලෙස සළකන බවත් මිට අමතරව වෙනත් ක්‍රිඩා වල නිරතවන රග්බි ක්‍රිඩාවට කැමති ක්‍රිඩිකවන්හටද මේ සදහා අයදුම් කළ හැකි බවත් පැවසෙනවා.

සංචිතයට ඇතුළත්කරගන්නා ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩිකා කොන්ත්‍රාත්තුව, රැකියා අවස්ථා, අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ ජිවිත රක්‍ෂණ ආවරණ හිමිවන බවත් ශ්‍රී ලංකා රග්බි පවසයි . තනුජා වීරක්කොඩි මහත්මිය 0776714779 දුරකථනයෙන් ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකි බවත් ශ්‍රී ලංකා රග්බි පෙන්වා දෙනවා.

අයදුම්පත් weerakkody8623@gmail . ඊමේල් ලිපිනයට යොමුකළ හැකි බවත්,2022.09.30 වන තෙක් අයදුම්පත් භාරගනු ලබන බවත් ශ්‍රී ලංකා රග්බි පවසනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...