*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ගාල්ල වරාය බාරගන්න ආයෝජකයන් තුන් දෙනෙක් !

ගාල්ල වරායේ ආයේජනය සඳහා සමාගම් 03 ක් ඉදිරිපත්ව සිටින බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. ඉන් සුදුසුම ආයෝජකයා තෝරා එම සමාගමට ගාල්ල වරාය සංවර්ධනය කිරීමට නුදුරේදීම අවස්ථාව ලබාදෙන බවයි ඇමතිවරයා පවසන්නේ.

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීම රජයේ අරමුණ වන අතර ඒ යටතේ දියකඩනයක් නිර්මාණය කරන අතර සංචාරය ආකර්ශනය දිනා ගැනීම සඳහා නව නගර සැළසුම්, විනෝදාස්වාද කලාප, රුවල් හා මගී නෞකා පහසුකම්, ක්‍රීඩා කලාප නිර්මාණය කිරීමට නියමිතය.ඉන්පසු තවත් දෙස් විදෙස් ආයෝජකයන්ට ආයෝජන අවස්ථා හිමිවන අතර මෙම වෘපෘතියේ මූලික සැළසුම් මේ වනවිටත් සකස් කර ඇති බවයි ඇමතිවරයා පවසන්නේ.

ගාල්ල වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් නිමල් සිරිපාල ඇමතිවරයා සඳහන් කළේ ගාල්ල වරාය සංවර්ධනය කිරීම හිටපු අමාත්‍ය රිචඩ් පතිරණ මහතාගේ සිහිනයක් වූ බවයි. ඒ සඳහා ඔහු දිගින් දිගටම උත්සාහ දැරූ නමුත් එය යථාර්ථයක් නොවූ බවත් ඔහුගේ සිහිනය යථාර්ථයක් කිරීමට තමා කැපවන බවත් ඇමතිවරයා සඳහන් කරනවා.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය ගාල්ල ප්‍රදේශයට හෝ දකුණු පළාතට පමණක් සීමා නොවන ජාතික අවශ්‍යතාවයක් බවද ඇමතිවරයා පවසනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan