මහා ඔයේ දියේ ගිලීම : දෙදෙනෙකු මියයයි දෙදෙනෙකු අතුරුදහන්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ LNW :

බදල්ගම, පෙරගහමංකඩ ප්‍රදේශයේ මහා ඔයේ සිදුවූ දියේ ගිලීමේ සිද්ධියකින් දෙදෙනෙකු මියගොස් ඇති අතර තවත් දෙදෙනෙකු අතුරුදහන්ව සිටී.

අතුරුදහන්ව සිටින තරුණියන් දෙදෙනා සොයා ගැනීමේ මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව පොලිසිය පවසයි.

එම සිද්ධියෙන් මියගිය, වයස අවුරුදු 25ක් පමණ වන තරුණියකගේ සහ තරුණයෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන ඇත.

මෙම පුද්ගලයින් සිව්දෙනාම හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

අද දහවල් කාලයේ මහා ඔයේ දිය නෑමට ගොස් සිටියදී එම තරුණියන්ගෙන් එක් අයෙකු දියේ ගිලී ඇත.

ඇයව බේරා ගැනීමට උත්සාහ කිරීමේදී අනෙක් තිදෙනා ද දියේ ගිලී ඇති බව පොලිසිය සඳහන් කළේය.

අතුරුදහන්ව සිටින කාන්තාවන් දෙදෙනා සොයා ගැනීමේ මෙහෙයුම බදල්ගම පොලිසිය විසින් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව තවදුරටත් සිදු කරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...