එළුවන්කුලම, නෙළුම්වැව අසල ගස් විනාශ කිරීම සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නඩු මගට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ LNW :

ගස් කැපීම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග විල්පත්තු ජාතික වනෝද්‍යානයේ බෆර් කලාපයට (ආරක්ෂිත කලාපයට) අයත් එළුවන්කුලම, නෙළුම්වැව අසල ගස් විනාශ කිරීම සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට එරෙහිව නඩුවක් පවරා ඇත.

සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත යටතේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව ගොනු කර තිබේ.

පරිසර අමාත්‍යාංශයේ සහභාගීත්වයෙන් සිදු කළ ඒකාබද්ධ ක්ෂේත්‍ර පරීක්ෂාවකදී, විශාල කුඹුක් ගස් 61ක්, බක්මී ගස් 24ක් සහ මදන් (මදං) ගස් 2ක් ඇතුළුව ගස් 110ක් පමණ පුළුස්සා සහ කපා දමා ඇති බව අනාවරණය විය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන මෙම වැවේ බැම්ම, මීට පෙර ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුව ආශ්‍රිත ආපදා හේතුවෙන් කඩා වැටී තිබුණි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් සිටියදී මෙම ගස් පුළුස්සා සහ කපා දමා ඇත.

මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ මධ්‍යම පරිසර අධිකාරියෙන් පූර්ව අනුමැතියක් හෝ පාරිසරික නිර්දේශයක් ලබාගෙන නොතිබුණි.

එබැවින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ.

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම්වරයා ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...