Monday, September 25, 2023
spot_img

Latest Posts

ආරක්ෂක කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට වැන්ග් යී රුසියාව බලා පිටත් වේ

උපායමාර්ගික ආරක්ෂාව හා උපදේශන පිළිබඳව සාකච්ජා කිරීමට චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන වැන්ග් යී රුසියාව බලා යාමට සුදානම් වන බව චීනයේ විදේශ අමාත්‍යාංශය වාර්තා කර තිබේ.

මෙහිදී යුක්රේන යුද්ධය පිළිබඳව සාකච්ජා කිරීම මුලික වශයෙන් සිදු කිරීම අපේක්ෂා කෙරෙන අතර රුසියානු මාධ්‍ය පැවසුවේ වැන්ග් මහතාගේ සංචාරය නුදුරේදීම ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ චීන සංචාරයට ද මග පාදනු ඇති බවයි.

මෙය සිදු වන්නේ පුටින් මහතා උතුරු කොරියාවේ කිම් ජොන් උන් හමුව ඔවුන් ආයුධ ගනුදෙනුවක් සිදු කළ හැකි බවට පැතිර යන සැක සංකා මධ්‍යයේය. මෙම වසර මුලදී වෑන්ග් මහතා අවසන් වරට මොස්කව් වෙත ගොස් පුටින් මහතා හමුවූ අවස්ථාවේදී ඔහු විසින් යුක්රේනයේ සාමය වෙනුවෙන් කරුණු 12කින් යුත් සැලැස්මක් ඉදිරිපත් කරන ලදී.

චීනය විසින් රුසියානු බලශක්ති අපනයන මිල දී ගැනීම්, රුසියාව සමඟ ගනුදෙනු වලදී මිලිටරි ද්‍රව්‍යන් සම්පාදනය කරන බවට ඇමරිකා එක්සත් ජනපදය විසින් චෝදනා කරන අතර චීනය එවැනි චෝදනා නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන් අවධාරණය කර ඇත්තේ යුද්ධය සම්බන්ධයෙන් ඔවුන් මැද මාවතක ගමන් කරන බවයි.

සශිකලා මධුෂාණි -outboundtoday

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.