කැනේඩියානු සික් නායකයාගේ මරණය සම්බන්ධයෙන් ඉන්දියාව පිළිබඳ සැකයක්

Date:

කැනඩාවේ විසූ සික් නායකයෙකු වන හර්දීප් සිං නිජ්ජාර් බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ සික් කෝවිලක් අසලදී වෙඩි තබා ඝාතනය කරන කිරීම සම්බන්දයෙන් ඉන්දීය රජය සැක කරන බව එරට බුද්ධි අංශ වාර්තාවන්ට අනුව අගමැති ජස්ටින් ටෘඩෝ ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රකාශය විකාර සහගත බව ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය සඳහන් කර ඇති අතර මෙම සිදුවීම ජාතීන් දෙක අතර දැනටමත් පලුදු වී ඇති සබඳතාවයේ නවතම උත්සන්න අවස්ථාවයි.

ඊයේ(18 )දිනයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති ටෘඩෝ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ පසුගියදා දිල්ලියේ පැවති G20 සමුළුවේදී නජ්ජාර් මහතාගේ ඝාතනය පිළිබඳ ප්‍රශ්නය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත ඉදිරිපත් කළ බවයි. කැනේඩියානු භූමියේදී කැනේඩියානු පුරවැසියෙකු ඝාතනය කිරීම සඳහා විදේශීය රජයක මැදිහත්වීමක් අපගේ ස්වෛරීභාවය පිළිගත නොහැකි ලෙස උල්ලංඝනය කිරීමක් බව ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

ලෝක සික් සංවිධානය ඇතුළු කැනඩාවේ අනෙකුත් සීක් කණ්ඩායම් අගමැතිවරයාගේ ප්‍රකාශය සාදරයෙන් පිළිගෙන ඇති අතර ඔවුන් ඉන්දියාව අවිස්වාස කරයි. ඉන්දියානු සම්භවයක් ඇති කැනේඩියානුවන් මිලියන 1.4 සිට 1.8 ක් කැනඩාවේ ජිවත් වන අතර ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයට පසු වැඩිම සික් ජනගහනයක් සිටින්නේ කැනඩාවේය.

ටෘඩෝ මෙම ප්‍රකාශය කිරීමත් සමඟ ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශිකා ඇඩ්‍රියන් වොට්සන් ප්‍රකාශ කළේ ටෘඩෝ මහතාගේ චෝදනා හේතුවෙන් තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින බවත්, විමර්ශනය ඉදිරියට ගෙන යාම සහ අපරාධකරුවන් යුක්තිය ඉදිරියට ගෙන ඒම ඉතා වැදගත් බවය.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩා අභියෝගයේ උඩින්ම විරේන් දුමිදුට සහ රනිත්මටත් ඉහළ තැන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: උගන්ඩාව,ශ්‍රී ලංකාවට මෑතකාලීන දේශපාලනික...

කැනඩාවේ Tumbler Ridge සමූහ වෙඩි තැබීමේ ඛේදවාචකයේ ඇතුල් පැත්ත..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා...

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නිර්මාණත්මක විවේචනයක් වෙනුවට අශෝභන ෂෝ එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට විපක්ෂයට ඇත්තේ නිර්මාණත්මක විවේචනයක්...