තෙල් පෝර නෑ කියලා වවන්න බැරිකමක් නෑ, මේ අපිත් අගේට වවන්නෙ – කෘෂි ඇමති

Date:

කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කරන පොහොර, කෘෂි රසායන ඇතුළු කෘෂි යෙදවුම් සම්බන්ධයෙන් යම් අර්බුදයක් තිබුණද එය වගා කටයුතු සඳහා කිසිදු බාධාවක් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

සිය නිවසේ සිදුකළ කාබනික ගෙවතු වගාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පැහැදිලි කරමින් අමරවීර මහතා මේ බව සඳහන් කරයි.

තම වගාව සඳහා රසායනික පොහොර හෝ කෘෂි රසායන භාවිතා කර නොමැති බවත්, ඉතා සාර්ථකව උඩරට එළවලු වර්ග පවා වගාකර ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.

නැති දේ ගැන පසුතැවෙමින් සිටිනවාට වඩා තිබෙන සම්පත්වලින් ප්‍රයෝජන ගනිමින් තම තමන්ගේ ගෙවත්තේම නිවසට අවශ්‍ය එළවලු පළතුරු වගා කරන්නේ නම් ආහාර අර්බුදයට එය සැබෑ විසඳුමක් බවද ඔහු සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපායමාර්ග යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි – ජනපති

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අපකීර්තියට...

රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...

ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...