*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

එදා මට පෑඩ්මෑන් කියලා අපහාස කළා, දැන්වත් අපහාස කරන එක වෙනුවට විසඳුම් ලබාදෙන්න – සජිත්

ඉහළ යන ජීවන වියදම හමුවේ කාන්තාවන්ට සනීපාරක්ෂක පහසුකම් සපයා ගැනීමට නොහැකි වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විශේෂයෙන් පාසල් දැරියන් මෙම තත්වයෙන් බරපතල ලෙස පීඩා විඳින බවත්, ඔවුන්ට පාසල් යා නොහැකි තත්වයට පත්ව ඇති බවත් විපක්ෂ නායකයා සඳහන් කරනවා.

අද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණයේදී තමා දැඩිලෙස කතාබහට ලක්කළ බවයි. ඊට විසඳුම් ලෙස කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට යෝජනා කරද්දී පොදුජන පෙරමුණේ දේශපාලනඥයන් පමණක් නොව කාන්තාවන් පවා තමාට අපහාස, උපහාස සිදුකළ බවත් විවිධ නම් පටබැඳීම පවා සිදුකළ බවත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

එදා උපහාසයට ලක්කළ මාතෘකාව අද කාන්තාවන්ගේ දැවෙන ප්‍රශ්නයක් වී ඇති බව පෙන්වා දෙන විපක්ෂ නායකයා පවසන්නේ දැන් හෝ මෙම ගැටලුව විසඳීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් වියයුතු බවයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan