සටහන – රුවන් නෙළුගොල්ල
ගම්වල ජනතාවට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් මහජන මුදල් ගසාකෑ පුද්ගලයින්ට එරෙහිව අධිකරණ කටයුතු කඩිනම් කිරීමට ඔවුන්ට ද අවශ්‍ය වී ඇති බවත් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.
“නීති නැත්නම් අපි නීති හදනවා. ඕගොල්ලන්ට පේනවා ගමේ මිනිස්සුන්ට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසි ගැටලුවක් නැති බව. ඒගොල්ලන්ට තේරිලා තියෙනවා මහජන මුදල් අමුඅමුවේ ගසාකාපු ඒ අයට අධිකරණ කටයුතු කඩිනම් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. කවුරු කෑගැහුවත් අපි ජනතාවගේ ජනවරම අනුව පාර්ලිමේන්තුව ඇතුළෙ මේක සම්මත කරගන්නවා”
සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (19) පැවති වැඩසටහනකදී අදහස් දක්වමිනි.



