විපක්ෂයේ විරෝධය නිසා පාස්කු ගැන කියන්න හිටි නිලන්ත වැඩේ මඟහරී!

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කටයුතුවල වත්මන් තත්ත්වය පිළිබදවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කිරීම සදහා විශේෂ වැඩ මුළුවක් ඊයේ දිනයේ දී පැවති අතර, එම වැඩමුළුව සදහා සහභාගී වීමට සිටි ප්‍රධාන දේශකයෙකු වන, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විපක්ෂයේ විරෝධය නිසා ඊට සහභාගී නොවූ බව වාර්තා වෙයි.

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින තැනැත්තෙක් එහි විමර්ශන පිළිබඳ දැනුවත් කිරීමට පැමිණීම හාස්‍ය දනවන්නක් බවටයි විපක්ෂය ඒ සම්බන්ධයෙන් ඊයේ දින චෝදනා පිට චෝදනා එල්ල කළේ.

චැනල් ෆෝ නාලිකාව විසින් විකාශය කළ වාර්තා වැඩ සටහන හේතුවෙන් පාස්කු ප්‍රහාරය ගැන යළි ආන්දෝලනාත්මක තත්ත්වයක් රට තුළ ඇති කර තිබෙන පසුබිමකයි මෙලෙස මන්ත්‍රීවරු දැනුවත් කරනු ලැබුවේ.

එමෙන්ම හෙට සහ අනිද්දා යන දෙදිනේ දී පාස්කු ප්‍රහාරය සම්බන්ධ විශේෂ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට සැලැසුම් කර තිබෙන අතර ඊට පෙර පාස්කු ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනවල නවතම තත්ත්වය පිළිබදව මන්ත්‍රීවරු දැනුවත් කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් එය සංවිධානය කර තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට FAO සහයෝගය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

හෝමාගම පොලීස් අත්අඩංගුවේදී තරුණයෙක් මියයාම – පොලිස් නිලධාරීන් ඇතුළු 17කගෙන් ප්‍රකාශ අරන්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු...

ඊශ්‍රායල මැතිවරණය: අරාබි ඡන්ද ප්‍රතික්ෂේප කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඡන්ද බලයෙන් ආසන...

රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම විභාගයට දින නියම වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න...