නැවත ධාවනයට එන අධි සුඛෝපබෝගී බස් රථ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දෛනිකව රුපියල් ලක්ෂයකට වඩා ශුද්ධ ලාභයක් ඉපයිය හැකි බස් රථ 50 කට අධික ප්‍රමාණයක් කටුබැද්ද අංගනයේ තබා ඇති බවත්, ඒ පිළිබඳ විශේෂ සොයා බැලීමකින් අනතුරුව ඉතිරි මාස හයක කාලය තුළ මෙම බස් රථ 50 නැවත ධාවනයට එක් කිරීමට හැකි වන ආකාරයේ වැඩපිළිවෙළක් ඇරඹිය යුතු බවත් , ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ බව අමාත්‍යවරයා කියා සිටියේ, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කටුබැද්ද අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවා ආයතනයේ බස්රථ අංගනයේ විශේෂ නිරීක්ෂණයකට එක් වූ අවස්ථාවේදිය.

තවද, විශාල ලාභයක් දෛනිකව අහිමි කරන මෙම බස් රථ කඩිනමින් අලුත්වැඩියා කර නැවත ධාවන තත්ත්වයට පත් කිරීම සඳහා උපදේශකවරයෙකු ලෙස ඉංජිනේරු කුෂාන් වෑගොඩපොල මහතා පත්කර ඇති අතර, විවිධ කාර්මික දෝෂ, අමතර කොටස් හිඟය ඇතුළු ගැටළු හේතුවෙන් දැනට ධාවනය සිදු නොකරන බස්රථ පනහකට අධික ප්‍රමාණයක් මෙම අංගනයේ ගාල් කර ඇති බවත්, අනතුරුව එම දෝෂ සහිත බස් රථ අංගනයද අමාත්‍යවරයාගේ අවධානයට යොමු වූ බවද තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...