ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:චිචිගේ රොකට් එක පැලවත්ත කාර්යාලයට කඩන් වැටුණ ආකාරයට නාමල්ගේ එයාර් බස් එකත් පැලවත්ත කාර්යාලයට කඩන් වැටෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ අද (21) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.
ඒ අනුව රාජපක්ෂවරුන්ට ආණ්ඩුව කොතෙක් චෝදනා එල්ල කළද ඔවුන් නිදොස් කොට නිදහස් වෙන බව මහලේකම්වරයා පෙන්වා දෙන ලදී.
”නාමල් රාජපක්ෂ මැතිතුමා මේ ආණ්ඩුව ඇවිල්ල ටික කාලයකින් ප්‍රකාශයක් කළා. ඒ තමයි අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවක් යටතේ රාජපක්ෂවරුන්ට තිබෙන බොරු චෝදනාවලින් රාජපක්ෂවරු නිදොස් කොට නිදහස් වෙනවා කියන කාරණය. දැන් චිචිගේ රොකට් එක සම්බන්ධ කාරණයෙන් නිදොස් කොට නිදහස් වෙලා ඉවරයි. එතකොට නමාල් රාජපක්ෂගේ උපාධිය සහ නීතිඥවරයෙක් වීම සම්බන්ධයෙන් මහා ලොකු චෝදනාවක් නැගුවා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළා. පරීක්ෂණ වාර්තාව එළියට දාන්නේ නැතුව හංගගෙන ඉන්නවා. මොකද ආණ්ඩුවට ඒක එළියට දාන්න බැහැ. හැබැයි අපි එකක් කියන්නම්. චිචිගේ රොකට් එක පැලවත්ත කාර්යාලයට කඩන් වැටුණා වගේම එයාර් බස් එකත් ඉදිරි දිනයකදී පැලවත්ත කාර්යාලයට කඩන් වැටීමට නියමිතයි. ඒක ඉතා විශ්වසනීයත්වයකින් කියනවා”


