පාස්කු කොමිසමේ රහසිගත සාක්ෂි මහජනතාවට දෙන්න බැහැ – කතානායක විවාදය අරඹයි!

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ රහසිගත සාක්ෂි ඇතුළත් තොරතුරු තවදුරටත් ජනතාවට විවෘත කළ නොහැකි බවට ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දෙන ලද ලිපිය සම්බන්ධයෙන් යළි සිහිකැඳවමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධය දෙදින විවාදය ආරම්භ කෙරුණි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ සාක්ෂිකරුවන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා එම රහසිගත සාක්ෂි සටහන් මහජනතාවට විවෘත කළ නොහැකි හෙයින් තවදුරටත් එය පරිශීලනය කළ හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් බවයි.

ඒ අනුව පාර්ලිමේන්තු මහලේකම්වරියගේ අධීක්ෂණය යටතේ එම සාක්ෂි සටහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් පරිශීලනය කළ හැකි වෙයි.

මෙහිදී විවාදයට එක්වෙමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා අවධාරණය කළේ පාර්ලිමේන්තු මහලේකම්වරියට භාරදුන් ලේඛන සම්බන්ධයෙන් යළි ජනාධිපති ලේකම් කාර්යාලයට ඇඟිලි ගැසිය නොහැකි බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරියට තීරණය කළ හැකි බවත් ජනාධිපති ලේකම් කාර්යාලයට යට වී වැඩ නොකරන ලෙසත් කිරිඇල්ල මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...