*
Wednesday, May 22, 2024
spot_img

Latest Posts

“2008-2023 යුක්තිය කෝ?” අදත් නිහඬ උද්ඝෝෂණ ව්‍යාපාරයක්!

“2008-2023 යුක්තිය නැතිව වසර 15 යි. අපරාධකරුවන් තවමත් නිදැල්ලේ… නාවික හමුදාවෙන් අතුරුදහන් කල අපේ දරුවන් 11 කෝ?”

යන සටන් පාඨය මුල් කර ගනිමින් නිහඬ උද්ඝෝෂණ ව්‍යාපාර සහ පෙත්සම් ලබාදීම් කිහිපයක් අද (21) දින උදෑසන කොළඹ ස්තාන කිහිපයකදී සිදු කෙරුනි.

එම දරුවන් 11 දෙනා අතුරුදහන් කොට වසර 15ක් ගත වී ඇතත් අතුරුදහන් වූවන්ගේ පවුල් වලට තවමත් යුක්තිය ඉටු වී නොමැති අතර ඒ සදහා මැදිහත්වන ලෙසත් ඉල්ලමින් මෙහි පළමු විරෝධතාවය සහ පෙත්සම බාර දීම කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය අසලදී සිදු කෙරුනි.

අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව මගින් මෙම නිහඬ විරෝධතා සහ පෙත්සම් ලබා දීම් සංවිධානය කොට තිබුනි.

එම අවස්තාවට සමගාමීව කොළඹ පිහිටි විදේශීය තානාපති කර්‍යාල කිහිපයක් ඉදිරිපිටදී ද මෙසේ නිහඬ විරෝධතාවයන් දැක්වීම සහ එම කර්‍යාල වෙතපෙත්සම් බාර දීමද සිදු කෙරුනි.

මෙම අවස්තාවට අතුරුදහන් වූවන්ගේ පවුල් වල සාමාජිකයින් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන්ද සහභාගි වී සිටියහ.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/600/Silent%20protest%20demanding%20justice%20for%20missing%20persons

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan