සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා පාසල් සිසුන් සහභාගී කරගැනීමේ සැලසුමක්!

Date:

කොළඹ LNW:සූර්ය බලශක්තිය පිළිබඳ ව්‍යාපෘති වෙනුවෙන් පාසල් දරුවන් සහභාගී කර ගැනීම තුළින් එම ක්ෂේත්‍රය පිළිබඳ මනා දැනුමක් ඔවුන්ට ලබාගත හැකි බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.

කොළඹ රාජකීය විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කර තිබූ සූර්ය බලශක්ති විදුලි ජනක යන්ත්‍ර සහ සූර්ය බලශක්ති පැනල බෙදා දීමේ උත්සවයකට සහභාගිවෙමින් ඔහු මේ බව කියා සිටියේ.

අනාගතයේ දී පරිසර හිතකාමි දරු පරපුරක් බිහි කිරීමට සහ ඔවුන් ආගමික සිද්ධස්ථාන සහ ළමා නිවාස වැනි සමාජ සුබසාධන මධ්‍යස්ථාන ආශ්‍රිත ක්‍රියාකාරකම්වලට යොමු කිරීම තුළින් ලබා ගන්නා අත්දැකීම්, වඩා යහපත් සමාජයක් අනාගතයේදී බිහි කිරීමට හැකියාව ලැබෙන බවද ප්‍රකාශ කළ ඔහු, ඒ පිළිබඳව ලබාගන්නා තාක්ෂණික දැනුම අනාගත තාක්ෂණික ලෝකයට පූර්වාදර්ශයක් සපයනු ඇති බවත් ප්‍රකාශ කළේය.

සාගල රත්නායක මහතාගේ මැදිහත්වීම මත චීන තානාපති කාර්යාලය මගින් ලබා දුන් මෙම සූර්ය බලශක්ති උපාංග ලියෝ සමාජයේ සාමාජිකයින්ගේ නිර්දේශ මත තෝරාගත් ආගමික ස්ථාන,වැඩිහිටි නිවාස සහ ළමා නිවාසවලට ස්ථාපනය කිරීමට ලියෝ සමාජය කටයුතු සූදානම් කර තිබෙන අතර මෙහි විශේෂත්වය වන්නේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල සිසු දරු දැරියන් අදාළ ස්ථාන වෙත ගොස් ඒවා ස්ථාපනය කිරීමයි.

මෙම අවස්ථාවට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වුයි ෂෙන්හොන්ග්,කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා,ජාත්‍යන්තර ලියෝ සමාජ උපදේශක ලසන්ත ගුණවර්ධන යන මහත්වරුන් සහ ආගමික පූජක ප්‍රසාදීන් වහන්සේලා සහ ආදි සිසුන්,පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GMOA තීරණයක් ගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW⁩: අද (22)දහවල් 2කට...

රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වන රමේෂ් පතිරණ යළි ශ්‍රී...

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...