*
Wednesday, October 9, 2024
spot_img

Latest Posts

ඇඩ්වර්ටයිසිං ලෝකය (53) : ප්‍රභාතයට පෙර නික්ම ගිය ප්‍රභාත්!

ප්‍රභාත් ඇඩ්ඩාට මුලින්ම හමුවෙන්නේ 2004 අවුරුද්දේ දී.

ඒ ග්‍රාන්ට්ස් එකේදී.

ඊට කලින් ප්‍රභාත් ගේ මල්ලි කෙනෙක් වූ සමාධිව ඇඩ්ඩාට හම්බ වෙලා තියෙනවා.

ප්‍රභාත් කියන්නේ ජනප්‍රිය නවකතාකරුවකු වූ කුමාර කරුණාරත්න ගේ ලොකු පුතා. ප්‍රභාත් කියන්නේ අනුන් ගැන හිතපු, අනුන් වෙනුවෙන් වැඩ කරපු, තමන්ගේ සල්ලිවලින් අනුන්ට බොන්න අරන් දීපු හිත හොඳ මනුස්සයෙක්.

ප්‍රභාත්ව අද වෙනකොට බොහෝ දෙනෙක්ට අමතක ඇති. ඒත් ඇඩ්ඩාට නම් එහෙම ලේසියි අමතක කරන්න පුළුවන් චරිතයක් නෙවෙයි, ඔහු.

ප්‍රභාත් ගේ පෙනුම හරි ගොරෝසුයි.

ඒ ගොරෝසුකමට යටින් පුදුමාකාර සරල, අහිංසක මිනිහෙක් ජීවත් වුණා.

මුලින්ම ප්‍රභාත් වැඩට ආවේ කරේ ලේන්සුවකුත් පටලවගෙන. උඩු රැවුලයි , කැරලි කොන්ඩෙයි එකතු වුණාම නියම බස් ඩ්‍රයිවර් පෙනුම. අපිත් එක්කම ඔහු ඔහුටම හිනා වුණා. ප්‍රභාත් නිතරම බාබුල් පුවක් කෑවා. කෑවා විතරක් නෙවෙයි, අපිටත් කන්න පුරුදු කළා.

රොහාන් පියදාස

ප්‍රභාත් හිටියේ රොහාන් පියදාසගේ ක්‍රියේටිව් ගෲප් එකේය.

එතකොට ඔහු රොහාන් ගේ හොඳම ගෝලයාය. දවසක් අපි ලොකු කතාවකට සෙට් වුණා. එක එක්කෙනා කතා කියන් යද්දී ඇඩ්ඩාගේ වාරයත් ආවා.

ඇඩ්ඩා කිව්වේ ත්‍රීවිල් ඩ්‍රයිවර් කෙනෙක්ට වෙච්ච සීන් එකක්.

” අපි හිතමු මේ ත්‍රීවිල් පොරගේ නම පියදාස කියලා ….”

ඇඩ්ඩා කතාව පටන් ගත්තේ එහෙමයි. සභාව විසිරිලා ගියාට පස්සේ ප්‍රභාත් ව රොහාන් ගේ කාමරයට කැඳවනු ලැබුවා.

” අරූ අර කතාව කිව්වේ මට…!”

රොහාන් පියදාස ප්‍රභාත්ට එහෙම කියලා තිබුනා.

” උඹට තිබුනේ පියදාස නැතුව වෙන නමක් කියන්න…”

ප්‍රභාත් පස්සේ ඇඩ්ඩාට කිව්වා. ඔහොම ටික දවසක් ගියා. දවසක් අපේ විධායක නිර්මාණ අධ්‍යක්ෂවරයා වූ රසල් ගෙන් ඇඩ්ඩාට කැඳවීමක් ලැබුනා.

” මචං, ප්‍රභාත් මරු ස්ක්‍රිප්ට් එකක් ලියලා .. හැබැයි ඒකේ මේ කෑල්ල උඹේ… ඒක මං අයින් කළා…”රසල් හිනා වෙවී කිව්වා.

ප්‍රභාත් මොකක්ද ලියලා තියෙන්නේ කියලා ඇඩ්ඩටත් හොල්මන්.

බැලින්නම් ප්‍රභාත් ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නේ පියදාස කියලා ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් දාලා.

මේ වගේ ඇඟට පතට නොදැනෙන හීන් නූලෙන් කරන ආතල් වැඩ ඔහු ළඟ තිබුනා.

දවසක් ප්‍රභාත් ජීවිතේට ස්පා එකකට ගිහින් නැති අපේ යාලුවෙක්ව ස්පා එකකට අරන් ගියා.

පොර ඇතුළට දාලා ප්‍රභාත් නිදහසේ බාබුල් පාරක් කකා ලොබි එකේ ඉන්නවා.

ඔය අතරේ ප්‍රභාත් ගේ ෆෝන් එක වදිනවා.

කෝල් එක එන්නේ ඇතුලේ ඉන්න හාදයා ගෙන්. ” අයියේ.., පවුඩර් දාන්නද, ඔයිල් දාන්නද අහනවා… මොකක්ද මං කියන්න ඕන ..?

“ප්‍රභාත් ගේ හිනාව එලියට පැනලා තිබුනේ කටේ තිබ්බ බාබුල් ටිකත් එක්කයි.

” මුන්ව මේවට අරන් යනවට අපට ගහන්න ඕන බං….! “

ඔහු ඔෆිස් එකට ඇවිත් බඩ අල්ලන් හිනා වුණා. මාසෙකට කිහිප වතාවක් ප්‍රභාත්ව හමුවෙන්න පිටස්තර පුද්ගලයකු පැමිණෙනවා.

ඔහුව හැඳින්වූයේ ” බාප්පා ” යනුවෙන්.

එසේ වුවත් ඔහු ප්‍රභාත් ගේ බාප්පා නොවේ. ප්‍රභාත් ගේ ප්‍රයිවෙට් ක්ලයන්ට් කෙනෙක් හෙවත් ” වහලයකි” ඔහු එනදාට ප්‍රභාත්ට වාසි ය.

එහෙත් ඔහු ඒ වාසිය තනිවම බුක්ති විඳින්නේ නැත.

රුෂේන්, සෙල්වා, නාලක ඇතුළු සෙට් එකක් ඔහුගේ නිත්‍ය බොන කණ්ඩායමේ සිටි අතර හැන්දෑවට ඔවුන්ට පාටිය වරදින්නේ නැත.

කාලයකදී ප්‍රභාත් ට බීමෙන් ඈත්වීමට අවශ්‍ය විය. එහෙත් මේ බොන සෙට් එක ඔහුව බොන්නම ඇදගෙන ගියේය.

ඊට හේතුව වූයේ හැමදාම ප්‍රභාත් වියදම් කළ නිසයි.

ඔහු ළඟ සල්ලි නැති ඇතැම් අවස්ථාවල බිල ආ විට කිසිවෙකුත් පර්ස් එලියට අදින්නේ නැති විට පවා ප්‍රභාත් ණය වී බිල් ගෙවූ අවස්ථාවන් රැසකි.

ප්‍රභාත් මේ පිළිබදව ඇඩ්ඩා සමග නිතර දැඩි කලකිරීමෙන් කතා කළේය.

එහෙත් ඔහුට රුෂේන් ගෙන්වත් සෙල්වා ගෙන්වත් ගැලවීමක් තිබුනේ නැත.

ග්‍රාන්ට්ස් එකේදී ඇතැම් දිනවල අප කෑම ගෙනෙන්නේ නැත.

කවුරුන් හෝ බත් ටික විතරක් උයාගෙන එයි.

තවත් කෙනෙක් ගෙන් කරවල බැඳුම ය.

පොල් සම්බෝල තවත් කෙනෙකු ගෙනි.

පරිප්පු හා චිකන් කරිය හැමදාම උයාගෙන ආවේ ප්‍රභාත් ගේ අතිනි.

ප්‍රභාත්ට රසට උයන්න පුළුවන.
ඔහු ඇතැම් නිවාඩු දිනවල ගෙදරදී ද උයා දරුවන්ට කන්න දුන්නේය.

මියගිය දිනයේත් ගෙදර කෑම පිසුවේ ප්‍රභාත් ය.

ඔහු ඒ කාලයේ සේවය කළේ ලින්ටාස් ආයතනයේ ය.

චලක ගජබාහු ඇතුළු ලින්ටාස් හිතවතුන් මහ වැසි මැද ප්‍රභාත් ගේ අවසන් කටයුතු කරන්නට ගත් උත්සාහය ඇඩ්ඩාට හොඳට මතකය.

ප්‍රභාත් මිය යනවිට එක් දියණියක් සිටියේ එක වසරට යෑමට සූදානමිනි.

ප්‍රභාත් ගේ අවසන් කටයුතු කරන දින ඈ තම පාසල් බෑගයට ඇදුම් අඩුක් කළේ තාත්තා සමග ට්‍රිප් එකක් යන බව පවසමිනි.

එය හද කම්පා කරවන දසුනක් විය.

ඊටත් වඩා හද කම්පා කරවන ලිඛිත සාක්කියක් ඇඩ්ඩා සතුව ඇත.

ඒ වනවිට වෙනත් ආයතනයක සේවය කළත් ග්‍රාන්ට්ස් හිතවතුන් විසින් ප්‍රභාත් ගේ අවසන් කටයුතු වෙනුවෙන් පොඩි ලිස්ට් එකක් දමන ලදි.

ඒ ලිස්ට් එකට සත පහක්වත් නොදුන්නේ ප්‍රභාත් සමග වැඩියෙන්ම බොන්න ගිය රුෂේන් හා සෙල්වා ය.

ප්‍රභාත් හිටියා නම් ඒකටත් හිනා වෙන බව ඇඩ්ඩාට ෂුවර් ය.
(ඇඩ්ඩා විසින් ලියන ලදි)

theleader.lk

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan