පාලනේ වැරදුණාම ඉන්දියාවටත් වැරදිය හැකියි

ඉන්දියාව ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ උදහසට ලක් වි ඇත.ඒ පාලනයේ යම් යම් වැරදි තීරණ නිසාය.මේ තත්ත්වය ක්‍රීඩාවට ක්‍රීඩකයාට සහ රටේ ක්‍රීඩාවේ අභිවෘද්ධියට සහ කීර්තියට බලපාන්නේ ක්‍රීඩා පිටියේදී ය.මීට ආසන්නම උදාහරණය මෙවර කාන්තා දකුණු ආසියානු පාපන්දු තරගාවලියේදී දකින්නට ලැබුණු අතර,එහිදී මෙම තරගාවලි ඉතිහාසයේ අඛණ්ඩව සූරතාවය දිනා සිටි ඉන්දිය කාන්තා කණ්ඩායමට අවසාන තරගයටවත් ඒමට නොහැකි විය.ඔවුන් අවසාන පූර්ව තරගයේදී 1-0 ක් ලෙස සත්කාරක නේපාලයට පරාජය විය.

අවසාන තරගයේදී සත්කාරක නේපාලයේ බලාපොරොත්තු සුණු විසුනු කළ බංගලාදේශ ක්‍රීඩිකාවෝ 3-1 ලෙස සූරතාවය බංගලාදේශයට රැඟෙන ගියහ.තරගාවලිය පුරාම අපරාජිතව සිටි බංගලාදේශය තමන් ප්‍රථම වටයේ නියෝජනය කර කොටසේ සිටි ඉන්දියාව 3-0 ක් ලෙස පරදා එම කොටසේ ඉදිරියෙන්ම සිටි කණ්ඩායම ලෙස අවසාන පූර්ව වටයට පිවිසියේය.

පුදුම සහගතම දේ කිසිඳු ප්‍රචාරයකින් තොරව ක්‍රීඩා අමාත්‍යංශයට පමණක් හුරතල් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයටත් මේ තරගාවලියට කණ්ඩායමක් ඉදිරිපත් කරන්න අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබිමය.එම කණ්ඩායම අනුසූරතාවය දිනූ නේපාල කණ්ඩායමට පළමු වටයේ පරාජය වී ඇත්තේ 6-0 ක් ලෙස ය.ඉන් අනතුරුව භූතානයට පරාජය වී ඇත්තේ 5-0 ක් ලෙස ය.

රටේ පාපන්දු කියා නාමයක් ක්‍රියාවට නැංවෙන්නේ නැති වටපිටාවක,ඒ සම්බන්ධයෙන් පලවෙන ප්‍රවෘත්ති අනුව සොයා බැලීම පසෙකලා පාපන්දු පරිපාලනයේ කාලය දීර්ඝ කරමින් අවිධිමත් පාලනයකට වැඩ කරන බව පෙන්වීමට සාක්ෂි සැපයීමට ක්‍රිඩා අමාත්‍යංශයේද දායකත්වය හිමි වෙයි.පූර්ව සූදානමක් නැතිව කණ්ඩායම් ජාත්‍යන්තර තරඟ සඳහා යවන්නට අවසර දෙමින් ක්‍රීඩා අමාත්‍යංශය ඒ අනුව මේ මොහොතේ සිඳු කරමින් ඉන්නේ ශ්‍රී ලංකාවේ පාපන්දුවේ මතක වස්ත්‍ර පූජා පිංකමට දායකවීමය.
බංගලාදේශය වෙනුවෙන් අපූරු ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ සබීනා කාතුන් ගෝල් අටක් රැස් කරමින් කැපී පෙණින.වැඩිම ගෝල්ලාභිණිය මෙන්ම තරගාවලියෙ දක්ෂතම ක්‍රීඩිකාව වූයේ ද මේ අනුව සබීනා ය.මුළු තරගවලිය පුරාම බංගලාදේශයට එරෙහිව රැස් වූයේ අවසාන තරගයේදී නේපාලය විසින් රැස් කරන ලද ගෝලය ය.එතරම් හොඳින් දැල සුරක්ෂිත කළ බංගලාදේශ ගෝල රකින්නී රුප්නා චක්මා හොඳම ගෝල් රකින්නිය සේ ඇගයීමට ලක් වූවාය.

ඔවුන් දෙදෙනා ඇතුළුව බංගලිදේශ කණ්ඩායම තරගාවලිය පුරාම පෑ හපන්කම් නිසා බංගලාදේශයට පළමුවරට කාන්තා පාපන්දු සූරියන් සේ දකුණු ආසියාතික පාපන්දු කිරුළට උරුමකම් කියන්නට ලැබිණ.බංගලාදේශය වෙනුවෙන් ඉහළ දස්කම් දැක් වූ සබීනා කාතුන් ඡායාරූපයේ වෙයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...