“විවිධත්වයට ගරු කරමු. හිංසනය බැහැර කරමු” – විපක්ෂ නායකවරයා සමරිසි ප්‍රජාව හමුවෙයි!

ලිංගිකත්වය මත පදනම් ව එකිනෙකාට හිංසා කිරීම සහ එකිනෙකා වෙනස්කම්හීලා සැලකීමට පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය විරුද්ධ බව සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික සහ ප්‍රශ්ණභාවී ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා දරන ප්‍රජාව සමඟ පැවති සාකච්ඡාවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව අවධාරණය කළේ, “ජාතික ප්‍රතිසංස්කරණ හා ඉදිරි ගමන” වැඩසටහනේ තවත් පියවරක් ලෙස ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සහ LGBTIQ ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳව හමුවක් (සැප්තැම්බර් 19) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති අවස්ථාවේ දී ය.

ඇතැම් අවස්ථාවල ජන සමාජය තුළ ඇති නොදැනුවත්කම, චින්තනමය දුප්පත්කම, ඇතුළු ඌනතාවයන් නිසා මෙවැනි අනවබෝධයන් ඇති වන බවද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

සමාජයක් දියුණු වීමේදී, තාක්ෂණික සහ ආර්ථික වශයෙන් පමණක් නොව ආකල්පමය වශයෙන් ද දියුණු විය යුතු බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා, ලිංගිකත්වය හා ස්ත්‍රි/පුරුෂභාවයේ දිශානතිය යනු කෙනෙකුගේ පෞද්ගලික කාරණාවක් මිස ඒ මත ඔවුන් වෙනස්කොට සැලකීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව පෙන්වා දුන්නේය.

එමෙන්ම, වාර්ගිකත්වය, කුලය හෝ ආගම කුමක් වුවත් සියලු මනුෂ්‍යයන්ට සමාන ලෙස සැලකිය යුතු බවත්, සියලු ආකාරයේ විවිධත්වයන්ට ගරු කළ යුතුය බවත් හෙතම අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා දරන ප්‍රජාවන්ගේ මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කරන ක්‍රියාකාරීන් සහ සංවිධාන ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

ඡායාරූප: සජිත් ප්‍රේමදාස නිල ෆේස්බුක් පිටුව / ඉක්විට් ශ්‍රී ලංකා නිල ෆේස්බුක් පිටුව

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...