රාජ්‍ය ඇමති චාමර සම්පත්ට හෙල්මට් ප්‍රහාරයක් (VIDEO)

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට බදුල්ල නගරයේදී පුද්ගලයකු විසින් හෙල්මට් එකකින් පහරදීමට උත්සාහ දරා ඇති බව වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය 19 වනදා බදුල්ල, බණ්ඩාරනායක මාවතේ වෙළඳසැලක් අසලට සිය ජීප් රථයෙන් පැමිණ තිබුණු අතර එතැනට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ඒ මහතා සමග බහින්බස් වීමක් ඇතිකරගෙන තිබේ.

එහිදී එක් පුද්ගලයෙකු රාජ්‍ය අමාත්‍යවරයාට සිය හෙල්මට් එකෙන් පහරදීමට උත්සාහ දරා ඇති අතර අමාත්‍යවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් මැදිහත්ව තත්වය පාලනය කර ඇති බව සඳහන්. එම අවස්ථාවේදී පහරදීමට උත්සාහ දැරූ එක් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර අනෙක් පුද්ගලයා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. සිද්ධියෙන් රාජ්‍ය අමාත්‍යවරයාට කිසිදු හානියක් සිදුව නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...