*
Friday, March 29, 2024
spot_img

Latest Posts

වාම බෙලහීනතාවය සහ දර්ශනයේ දුගී බව ….

පසු ගිය සමයේ අරගලය නැගලා ගිය මොහොතේ ලංකාවේ වමේ නායකයෝ අරගලයට කෙලින්ම සම්බන්ද නොවී මුදලිගේලා මනුවර්නලා දාලා බලල්ලු ලවා කොස් ඇට බාවව්වේ ඇයි ..? ඒ සඳහා බලපෑවේ එයට නායකත්වය දීමට විජේවීර වැනි අරගලය වෙනුවෙන් දිවි ඇති තුරා හෝ දඟගෙට යාමට සූදනම් පුත්ගල පෞර්ෂයක් ඒ ව්‍යාපාර තුල වර්තමානයේ නොමැති වීමයි..

එක අතකට එවන් පෞරුෂයක් ඒ ව්‍යාපාර තුල වර්තමානයේ නොමැතිවීම පවා බලපෑවේ ලාංකීය සමාජයේ යහපතටමය. මන්ද එවන් දැඩි චරිතයක් ඒ මොහොතේ වම තුල සිටියේ නම් තවත් උතුරු කොරියානු වර්ගයේ කුඩා හුදෙකලා අපායක් මෙහිද නිර්මාණය වීමට ඉඩ කඩ තිබින..

ජනතාව මිලියන ගනනින් ජනපති මන්දිරයට කඩා වැදී ශ්‍රීලංකාවේ විධායක ජනාධිපති බලයෙන් නෙරපා දැමු මහා අරගලයට නායකත්වය දුන් ලෙජන්ඩ් එක ලෙස ඉතිහාසයට එක් වන්නේ රැට්ටායි දමිතායිද ? මෙය වර්ශයකට දෙවරක් විරුවන් සමරන වමට මහා නින්දාවක් නොවන්නේද…?

මෙහිදී සාකච්චාවට ගතයුතු අනෙක් කාරනාව නම් උක්ත මහජන අරගලය පටන් ගත්තේ අරගල පිළිබඳව කිසිදු හැදෑරීමක් අත්දැකීමක් නැති සමාජ කන්ඩායමක් විසිනි. මෙතෙක් අරගල පිළිඹදව වෘතාන්තයක් බවට පත්ව සිටි සහ වර්ශයකට දෙවරක් අතීත අරගල කරුවන් සමරන අරගල ඔස්තාර්ලා වූ වමට මෙවන් අරගල‍යක් නිර්මාණය කරගැනීමට බැරි සහ මෙසේ මිනිසුන් සංවිධානය කරගැනීමට බැරි බැරිබැරියානු යථාර්ථය කුමක්ද…?

මැයි නමවෙනිදා රාත්‍රියේ සහ ජූනි නමවෙනි දින ජනාධිපති මන්දිරය සහ අගමැති කාර්‍යාල අරගල කරුවන් විසින් අල්ලාගත් මොහොතේ සමස්ත රාජ්‍ය බල යන්ත්‍රය අකර්මණ්‍ය වූ මොහොතක් නිර්මාණය වී තිබින..විප්ලවීය බලවේගයකට බලය අල්ලාගන්නේ නම් ඊටත් වඩා තවත් අනගි අවස්තාවක් නම් තවත් පැමිණෙන්නේ නම් නැත..

ඉතාම කලාතුරකින් අතට ආපු කැච් එක මිස් කරගත්ත වමේ දුර්වලකම සම්බන්දව අපට පැමිණිය හැකි එකම සහ සාධාරණ නිගමනය නම් බලය ග්‍රහණය කරගත හැකි දෘඩ පෞරුෂත්වයක් සහිත නායකත්වයක් ඒ තුළ දැන් නැති බවය.

දියවන්නාවෙන් එළියේ බලයක් සහ පාර්ලිමේන්තු සංස්ථාපිතයෙන් පිටත බලයක් ගැන මන්ත්‍රයක් සේ ජපකලත් ඊට අවස්තාව පැමිණි විට වොයිස් කට් දෙමින් ඇඹරෙන්නේ ඇයි ..?

රාජ්‍ය බලය අල්ලා ගැනීම යනු අවදානමක් ගතයුතු ක්‍රියාන්විතයකි. විජේවීර යනු එවන් අවදානමක් ගත් බූමිකාවකි. වර්තමාන නායකයන් එවන් අවදානමක් ගැනීමට සූදානම් නැත්නම් දියවන්නාවෙන් පිටත බලයක් ගැන යෝජනා නොකර සිටීම වඩාත් නම්බුකාර වේ..

විජේවීර සහ ප්‍රබාකරන් යනු අරගලයේ අවදානමට බිය නොවූ ලාංකීය ඉතිහාසය තුල බිහිවූ සුවිශේෂී පෞරුෂයන් දෙකකි. (අපට මෙතෙන්දි විජේවීර කියන බූමිකාව ගන්ට වෙන්නෙ කීර්ති බාලසුරියගේ ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පදනම කියන කෘතියට යටත්වය) ප්‍රශ්නෙ තියෙන්නෙ ඉතිහාසය ඇතුලේ දෙල් වාරෙට දෙල් පලගන්නවා සේ එවන් චරිත සුලබව පහල නොවීමයි.

ජ.වි.පෙ. සහ පෙ.ස.ප. තාමත් දුවන්නෙ මියගිය විජේවීරයන්ගේ පෞර්ෂයේ ආලෝකයේ එළියෙනි..ඒවායේ වර්තමාන නායකයන් යනු විජේවීර නිර්මාණය කල විජේවීර පැටවුන්ය..(අනුර විජේවීරගේ පැටියෙක්ගෙත් පැටියෙකි. ජ.වි.පෙ.ය දැන් ලුම්පන් කඳක් සහ අර්ධ ලිබරල් හිසක් සහිත ව්‍යාපාරයකි)
විජේවීර නැමති මහා වෘක්ෂයේ බිජුවට වැටී පැලවුන වෘක්ෂයන් විජේවීර වෘක්ෂය තරම් සවිබල නැත..ඔවුන්ට ඔවුන්ගේම වූ ස්වෛරී පෞරුෂයක් නැත..

සමාජ මාධ්‍ය තුලින් දැනුවත් කිරීම් සිදුකර දුම්රිය බලෙන් අල්ලගෙන සංවිධානාත්මකව ගෝඨා එලවීමට කොළඹට පැමිණි අරගල ව්‍යාපාරය ගෝඨා ගිය පසු කල යුත්තේ කුමක්දැයි දැන සිටියේ නැත. ලද අවස්තාවෙන් ප්‍රයෝජන ගත්තේ ව්‍යවස්තාපිත කුමන්ත්‍රණයක් හරහා රජ පුටුවට නැගගත් රනිල්ය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසනය පවා පැරදී ලිස්ට් එකෙන් එල්ලී පාර්ලිමේන්තුවට රිංගාගත් තනි රනිල් ලක්ෂගානක් සහබාගීවූ අරගලයට කොකා පෙන්වමින් සියල්ලන්ගේ කනෙන් රිංගාගොස් බලය ස්තාවර කරගත්තේය..

ලාංකීය සෝමාරි වමට වඩා කපටි දක්ෂිණාංශය තාමත් ඉදිරියෙනි …..

ඒ කෙසේ නමුත් විජේවීරයන්ගේ අයිඩියල් එකවූ කියුබාවේ හා කාම්බෝජයේ වෙනිසියුලාවේ සහ තවත් අප්‍රිකානු සහ ආසියානු කලාපවල සිදුවූ විප්ලව මාක්ස් සඳහන් කල සමාජවාදී විප්ලව නොවේ. එහි සිදුවූයේ සුළුධනේෂවර ගොවි විප්ලවයන්ය.

මාක්ස් සඳහන් කල සමාජවාදී විප්ලවයන් යනු ගෝලීය ධනවාදය විසින් නිර්මාණය කරන මහා කර්මාන්ත තුල බිහිවෙන දියුණු කම්කරු පන්තියක් විසින් කරන විප්ලවයන්ය..

එහිදී කියුබාව වෙනිසියුලාව වැනි රටවල් අද මාක්ස්වාදය පිටින් තවරාගත් සුළුධනේෂවර ගොවි විප්ලව වලට යාහැකි උපරිම දුර ගොස් දැන් එකතැන පල්වෙමින් මොන ලෙසකින්වත් ගොඩගත නොහැකි ඛේදවාචකයක සිරව සිටී.

සමාජවාදී විප්ලව සිදුවිය යුත්තේ දියුණු ධනවාදය තුල මිසක නොදියුනු ලතින් ඇමරිකානු, ආසියානු හෝ අප්‍රිකානු කැලෑ තුල නොවන බව මේ සිදුවීම් හරහා මාක්ස්වාදයේ මූලික තිසීස විසින් නැවත නැවතත් අපට මතක්කර දෙයි..

නමුත් පසුකාලීනව අසාර්ථකව අර්බූදයක හිරවීමට හෝ මොහොතට අදාල නායකත්වය දීමට දක්ෂ පෞරුෂයන් සහිත නායකයන් ඒ රටවල්වල සිටියේය..නමුත් අපට විහිළුකරයන් මිස එවන් නායකයන් හෝ නොමැත..

සියල්ල සමාලෝචනය කල විට අපට පැමිණිය හැකි නිගමනය වන්නේ මින් ඉදිරියට ආර්ථික පීඩනය හේතුවෙන් බිමේ ඇතිවන සියළු මහජන අරගල මෙසේම විනාශයන් හා පරාජයන්ම අත්පත් කරගනිමින් සෝඩා බෝතලේ කැඩුවා වැනි තත්වයක් අත්පත් කරගැනිමින් නිමාවීමට නියමිත බවය..

ඒ හැර එකී මහජන බලය නිවැරැදි කෙන්ද්‍රයකට ගොනුකර ගනිමින් ශක්ති ප්‍රබවයක් සේ යහපත් දිසාවකට මෙහෙය විය හැකි නායකත්ව පෞරුෂයක් මේ මහපොලොවේ දැනට නම් නැත.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan