සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW :

හිටපු රාජ්‍ය බුද්ධි තොරතුරු ප්‍රධානී සුරේෂ් සල්ලේ සැප්තැම්බර් 28 වනදා තෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබිය යුතු බවට වෛද්‍ය මණ්ඩලය නිර්දේශ කරයි.

හිටපු රාජ්‍ය බුද්ධි තොරතුරු ප්‍රධානී (SIS) සුරේෂ් සල්ලේ සැප්තැම්බර් 28 වනදා දක්වා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේම රැඳී සිටිය යුතු බවට ජාතික රෝහලේ වෛද්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇත.

අධිකරණය නිකුත් කළ නොතීසියකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි ශ්‍රී ලංකා ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා, අදාළ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරමින් අධිකරණයට මේ බව දැනුම් දුන්නේය.

ජාතික රෝහල් අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට ප්‍රකාශ කළේ, සැප්තැම්බර් 28 වනදා වන විට සුරේෂ් සල්ලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නව වෛද්‍ය තක්සේරුවක් ලබා ගැනීමට නියමිත බවයි.
මේ අතර, අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේ,

තමන්ට මුරපද (passwords) අමතක වී ඇති බව පවසමින් සුරේෂ් සල්ලේ මහතා තවදුරටත් සිය ජංගම දුරකථනයේ සහ ලැප්ටොප් පරිගණකයේ මුරපද ලබා දීම ප්‍රතික්ෂේප කරන බවයි.


එම කරුණු දැක්වීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, විකල්ප ක්‍රමවේද ඔස්සේ අදාළ විද්‍යුත් උපකරණ වෙත ප්‍රවේශ වීමට (access) පියවර ගන්නා ලෙස නියෝග කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ද අධිකරණයට දැනුම් දුන්නේ ජාතික රෝහල් අධ්‍යක්ෂවරයා රජයේ නිලධාරියෙකු වන බැවින් නීතිපති දෙපාර්තමේන්තුව ඔහු වෙනුවෙන් පෙනී සිටින බවයි. කෙසේ වෙතත්, සුරේෂ් සල්ලේ මහතා ජාතික රෝහලට ඇතුළත් කිරීම “වෛද්‍ය කුමන්ත්‍රණයක” කොටසක් බවට තමන් මීට පෙර දැක්වූ ස්ථාවරයේම තවදුරටත් පසුවන බවද ඔහු සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (09) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 09) දිනයේදී දිවයිනේ බොහෝ...

ජංගම ගිණුම – අගෝස්තු 2026

මාස හතරකට පසුව, 2026 අගෝස්තු මාසයේදී විදේශ අංශයේ ජංගම...

Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි

Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත්...

විමල්ගේ අයථා වත්කම් නඩුව : සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ සිට 2014 වසර දක්වා...